AFC Banner
Empty Ad
Empty Ad

පහේ ශිෂ්‍යත්ව විභාගය අද – විභාග මධ්‍යස්ථාන අවට මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට වැට

2024 වර්ෂයට අදාළ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (15) පැවැත් වෙනවා.

මෙවර විභාගය දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,849ක දී පැවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

පෙරවරු 9.30ට ආරම්භවන විභාගය සඳහා මෙවර අපේක්ෂකයින් 320,879 දෙනෙකු සුදුකම් ලබා සිටිනවා.

විභාගය අද (15) පෙරවරු 9.30 සිට දහවල් 12.15 දක්වා පැවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.

විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර විභාග අපේක්ෂකයින්ට දැනුම් දෙන්නේ කල්වේලා ඇතිව විභාග මධ්‍යස්ථානයට පැමිණෙන ලෙසයි.

මේ අතර යම් ආපදාවක් හේතුවෙන් කිසියම් දරුවෙකුට විභාගයට පැමිණීමට නොහැකි වුවහොත් 117 හදිසි ඇමතුම් අංකයට දැනුම් දෙන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මේ වනවිටත් උපදෙස් ලබා දී තිබෙනවා.

විභාගයට මුහුණ දෙන දරුවන්ට පහත උපදෙස් අනුගමනය කරන ලෙසයි විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

ඒ අනුව, පිළිතුරු ලිවීමේදී ඒ සඳහා කළු හෝ නිල් පෑනක් භාවිත කළ හැකි අතර වෙනත් කිසිඳු වර්ණයක පෑන් භාවිත කළ නොහැකියි.

පිළිතුරු ලිවීම පැනසලෙන් ද කළ හැකි අතර, දරුවන්ට ඒ සඳහා පැන්සල් කිහිපයක් රැගෙන ආ හැකියි.

මකන, අඩි කෝදු ආදී උපකරණ ද විභාග මධ්‍යස්ථානයට රැගෙන පැමිණිය යුතුයි.

විභාග මධ්‍යස්ථානයට අවශ්‍යනම් වතුර බෝතලයක් රැගෙන යාමට අවසර හිමිවනවා.

ස්මාර්ට් අත්ඔරලෝසු සහ ෆයිල් කවර ආදිය විභාග මධ්‍යස්ථානය තුළට රැගෙන යාමට අවසර හිමි වන්නේ නැහැ.

මේ අතර විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ විභාග මධ්‍යස්ථාන අවට ශබ්ද විකාශන යන්ත්‍ර යොදාගනිමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුනොකරන ලෙස ද පොලිසිය දැනුම් දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිතට නරක සිතුවිල්ලක් ආපුවාම - ඒක එවලේම අමතක කරලා දාන්න
09:33
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37
Video thumbnail
සජිත් - නාමල් හොරෙන් ගහපු සන්ධානය ගැන විශේෂ හෙළිදරව්වක්
05:14
Video thumbnail
AKD නුගේගොඩ දෙවනක් කළ අවසන් සුපිරි කතාව#anurakumaradissanayake #npp
05:48

?