පහේ ශිෂ්‍යත්ව විභාගය අද – විභාග මධ්‍යස්ථාන අවට මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට වැට

2024 වර්ෂයට අදාළ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (15) පැවැත් වෙනවා.

මෙවර විභාගය දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,849ක දී පැවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

පෙරවරු 9.30ට ආරම්භවන විභාගය සඳහා මෙවර අපේක්ෂකයින් 320,879 දෙනෙකු සුදුකම් ලබා සිටිනවා.

විභාගය අද (15) පෙරවරු 9.30 සිට දහවල් 12.15 දක්වා පැවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.

විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර විභාග අපේක්ෂකයින්ට දැනුම් දෙන්නේ කල්වේලා ඇතිව විභාග මධ්‍යස්ථානයට පැමිණෙන ලෙසයි.

මේ අතර යම් ආපදාවක් හේතුවෙන් කිසියම් දරුවෙකුට විභාගයට පැමිණීමට නොහැකි වුවහොත් 117 හදිසි ඇමතුම් අංකයට දැනුම් දෙන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මේ වනවිටත් උපදෙස් ලබා දී තිබෙනවා.

විභාගයට මුහුණ දෙන දරුවන්ට පහත උපදෙස් අනුගමනය කරන ලෙසයි විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

ඒ අනුව, පිළිතුරු ලිවීමේදී ඒ සඳහා කළු හෝ නිල් පෑනක් භාවිත කළ හැකි අතර වෙනත් කිසිඳු වර්ණයක පෑන් භාවිත කළ නොහැකියි.

පිළිතුරු ලිවීම පැනසලෙන් ද කළ හැකි අතර, දරුවන්ට ඒ සඳහා පැන්සල් කිහිපයක් රැගෙන ආ හැකියි.

මකන, අඩි කෝදු ආදී උපකරණ ද විභාග මධ්‍යස්ථානයට රැගෙන පැමිණිය යුතුයි.

විභාග මධ්‍යස්ථානයට අවශ්‍යනම් වතුර බෝතලයක් රැගෙන යාමට අවසර හිමිවනවා.

ස්මාර්ට් අත්ඔරලෝසු සහ ෆයිල් කවර ආදිය විභාග මධ්‍යස්ථානය තුළට රැගෙන යාමට අවසර හිමි වන්නේ නැහැ.

මේ අතර විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ විභාග මධ්‍යස්ථාන අවට ශබ්ද විකාශන යන්ත්‍ර යොදාගනිමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුනොකරන ලෙස ද පොලිසිය දැනුම් දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගෙන් සජිත්ට සැර හින්ට් එකක්..සජිත් හරියට ඉරානය වගේ..පොර වෙනවනම්..සොරි ඉතින්
02:54
Video thumbnail
රජයට පුළුවන් හෙට ඇති තරම් බොරු කියන්න..වංචාව හෝදන්න ඩෝබි වොෂින්ටන්ලට කොහෙත්ම බෑ
06:53
Video thumbnail
බෙල්ලන් සහ ගෝන, මුව අංතට්ටු වටලපු මෙහෙයුම
00:30
Video thumbnail
නැවතත් අධික ලෙස ඉන්ධන මිල වැඩි කරනවා ?විමල් ආණ්ඩුවට හොඳම එකෙන් දෙසයි
07:27
Video thumbnail
බෙල්ලන් සහ ගෝන, මුව අංතට්ටු වටලපු මෙහෙයුම.."මහත්තයා මට ආයේ එන්න පුළුවන් වෙයිද?"
03:27
Video thumbnail
ගාල්ල දුම්රිය අංගනයේ දුම්රිය මැදිරි දෙකක ඇතිවූ මහ ගින්න
00:54
Video thumbnail
ගාල්ල දුම්රිය අංගනයේ නවතා තිබූ දුම්රිය මැදිරි දෙකක ඇතිවූ මහ ගින්න..දෙයියනේ..මැදිරි දෙකම ගිනිබත් වෙලා
01:57
Video thumbnail
කැබිනට් මාධ්‍ය හමුවෙදි නලින්දට තද වෙයි ? - මගේ උත්තරේ දාන්නේ නෑනේ
01:05
Video thumbnail
ආයෙත් ඉන්ධන මිල ඉහළ දාන්නද යන්නේ ? මේ තත්ත්වයන් වෙනස් වෙනවා..අද කියන්න බැහැ
03:19
Video thumbnail
ගම්මන්පිලගෙන් ඇස් උඩයන හෙළිදරව්වක්..100%ක් අරමුදල් දීලා තියෙන්නේ NPP දේශපාලකයෙක්
02:07