පසුගිය වසරට වඩා රුපියල් 15ක් වැඩියෙන් වී කිලෝවකට අපි දුන්නා – ඇමති වසන්ත

පසුගිය වසරට වඩා රුපියල් 15ක් වැඩි මුදලක් ලබාදෙමින් වී සඳහා හොඳම මිල වත්මන් රජය මඟින් ප්‍රකාශයට පත්කර ඇති බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.

දේශපාලන වුවමනාවන් වෙනුවෙන් ඇතැම් කණ්ඩායම් රජයේ සහතික මිල ප්‍රමාණවත් නොවන බව පැවසුව ද සැබෑ ගොවියන් එම වී මිල පිළිබඳව චෝදනා සිදුනොකරන බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

අනුරාධපුර, වන්නිතම්මැන්නාව ගම තුළ අද (08) දිනයේ ක්‍රියාත්මක කරන ලද ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට එක් වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළකලා.

සමස්ත වී නිෂ්පාදනයෙන් සියයට දහයක් පහළොවත් අතර ප්‍රමාණයක් රජය මඟින් මිලදී ගනු ලබන බවත්, නාඩු සහල් කිලෝවක් රුපියල් 230ට අඩු මුදලකට පාරිභෝගික ජනතාවට ලබාදීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියා.

පොහොර සඳහා ගොවීන්ට සහනාධාරයක් ලබාදීමට කටයුතු කරමින් වී කිලෝවක් සඳහා රුපියල් 120ට මිල තීරණය කළ බවත් කෘෂිකාර්මික උපකරණවල බදු අඩු කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.

වී අලෙවි මණ්ඩලය සතුව ගබඩා 350කට ආසන්න සංඛ්‍යාවක් පවතින අතර, ඉන් 220ක ප්‍රමාණයක් භාවිත කළ හැකි මට්ටමේ පවතින බවත් අද (08) දිනයේ වී ගබඩා 36ක් වී මිලදී ගැනීම සඳහා සූදානම් කර ඇති බවයි ඔහු පැවසුවේ.

හෙට දිනයේ සිට රජයේ වී මිලදී ගැනීම සිදුවන අතර වී ලැබෙන ආකාරය අනුව එම ගබඩා විවෘත කිරීමට කටයුතු කරන බව ද වසන්ත සමරසිංහ අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

ගොවිජනතාව හැර සියයට 77ක පාරිභෝගික පිරිසක් රට තුළ සිටින එබැවින් එම පාරිභෝගික ජනතාවට අවශ්‍යය සහල් අඩු මිලට ලබාදීමට කටයුතු කළ යුතු බවත් ඒ සඳහා වෙළඳපොළ පාලනය කිරීමට රජය මඟින් වී මිලදී ගැනීම සිදුකරන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21