පල්ලියේ දේවගැති එක්ක තිබූ ආරවුල මනම්පිටියේ වෙඩිල්ලට හේතුව බවට අනාවරණය වෙයි

මනම්පිටිය පොලිස් වසමේ ආයුර්වේද පෙදෙස පිහිටි ‘ජීවමාන ක්‍රිස්තු දේවස්ථානය’ අසල දී සිදු වූ වෙඩි තැබීමට සැකපිට පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඊයේ (18) රාත්‍රියේ දී මෙම වෙඩි තැබීම සිදු කළ වෙඩික්කරු ඊට යොදාගත් මෙරට නිෂ්පාදිත ගිනි අවියක් ද සමග අත් අඩංගුවට ගත් බවයි.

38 හැවිරිදි වියෙහි පසුවන සැකකරු මනම්පිටිය – ප්‍රධාන පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

වෙඩි තැබීමෙන් දේවාස්ථානයේ ජනේලයකට හානි සිදු වුව ද කිසිදු ජීවිත හානියක් සිදු ව නැහැ.

සැකකරු දේවස්ථානයේ ගේට්ටුව අසලට පැමිණ විපරම් කර බැලීමෙන් අනතුරුව නැවත මාර්ගයට ගොස් මෙම වෙඩි තැබීම සිදු කර පලා ගොස් තිබෙනවා.

සිද්ධස්ථානයේ දේවගැතිවරයා සමග තිබූ පෞද්ගලික ආරවුලක් වෙඩි තැබීමට හේතුව වී ඇති බවයි හෙළි ව ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?