පල්ලියේ දේවගැති එක්ක තිබූ ආරවුල මනම්පිටියේ වෙඩිල්ලට හේතුව බවට අනාවරණය වෙයි

මනම්පිටිය පොලිස් වසමේ ආයුර්වේද පෙදෙස පිහිටි ‘ජීවමාන ක්‍රිස්තු දේවස්ථානය’ අසල දී සිදු වූ වෙඩි තැබීමට සැකපිට පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඊයේ (18) රාත්‍රියේ දී මෙම වෙඩි තැබීම සිදු කළ වෙඩික්කරු ඊට යොදාගත් මෙරට නිෂ්පාදිත ගිනි අවියක් ද සමග අත් අඩංගුවට ගත් බවයි.

38 හැවිරිදි වියෙහි පසුවන සැකකරු මනම්පිටිය – ප්‍රධාන පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

වෙඩි තැබීමෙන් දේවාස්ථානයේ ජනේලයකට හානි සිදු වුව ද කිසිදු ජීවිත හානියක් සිදු ව නැහැ.

සැකකරු දේවස්ථානයේ ගේට්ටුව අසලට පැමිණ විපරම් කර බැලීමෙන් අනතුරුව නැවත මාර්ගයට ගොස් මෙම වෙඩි තැබීම සිදු කර පලා ගොස් තිබෙනවා.

සිද්ධස්ථානයේ දේවගැතිවරයා සමග තිබූ පෞද්ගලික ආරවුලක් වෙඩි තැබීමට හේතුව වී ඇති බවයි හෙළි ව ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46