පරිප්පු, සිනීවලත් මිල පහළට

පිටකොටුව තොග වෙළදපොලේ පරිප්පු, සුදු සිනී ඇතුළු භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් පහළ ගොස් ඇති බව අත්‍යාවශ්‍ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරනවා.

ඒ, අනුව පසුගිය දිනවල රුපියල් 375.00ට පැවති පරිප්පු කිලෝග්‍රෑමයක මිල රුපියල් 350.00ක් දක්වා අඩු වී ඇති අතර, රුපියල් 290.00ට පමණ පැවති සුදු සිනී කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 225.00ක් දක්වා අඩු වී ඇති බවයි වර්තා වන්නේ.

මේ අතර ආනයනික තිරිඟු පිටි කිලෝග්‍රෑමයක තොග මිල ද ඊයේ (28) රුපියල් 250.00ක් දක්වා මිල පහළ ගොස් තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
39
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?