AFC Banner
Empty Ad
Empty Ad

පරණ වී ගත් නිලධාරීන්ට වැඩ වැරදුණු හැටි

නිකවැරටිය ප්‍රදේශයේ වී ගබඩා දෙකක පරණ වී ගබඩා කරමින් ඇතැයි වයඹ ගොවි සංවිධාන වල ගොවීන්ගෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට ලද තොරතුරකට අනුව ඒ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් ආරම්භ කර තිබුණා.

ඒ අනුව විගණන නිලධාරීන් සිදුකළ විමර්ශනයේදී හෙලි වුනේ අදාල වී ගබඩා තුළ වී කිලෝග්‍රෑම් ලක්ෂ 15කට ආසන්න ප්‍රමාණයක් ගබඩා කර ඇති අතර ඉන් වී කිලෝග්‍රෑම් ලක්ෂ 3කට අධික ප්‍රමාණයක් සත්ත්ව ආහාර සදහා යොදාගැනෙන ඉතාමත් පරණ වී බවයි.

අදාල නිතිවිරෝධී වී මිලදී ගැනීම හා ගබඩා කිරීම සිදුකළ වයඹ වැඩබලන ප්‍රාදේශීය කළමණාකාරවරයා සහ අදාල ගබඩාව භාරව සිටි සහකාර ප්‍රාදේශීය කලමණාකාරවරියගේ සේවය , කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ගේ නියෝගයෙන් වහාම තහනමට ලක් කෙරුණා.

නිකවැරටිය ප්‍රදේශයේ ඇති එම වී ගබඩා දෙකම එදිනම විගණන නිලධාරීන් විසින් මුද්‍රා තබා ඇති අතර ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද භාර දී තිබෙනවා.

අදාල සිදුවීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යංශයෙන්ද පරීක්ෂණයක් සිදුකෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?