පන්සල්වල රන්වැට, ඝන්ටාර හා දොළොස් මහේ පහන් සොරකම් කළ අඹුසැමි යුවළ අත්අඩංගුවට (වීඩියෝ)

කළුතර සහ පානදුර ඇතුළු ප්‍රදේශවල විහාරස්ථානවල රන්වැටවල්, ඝන්ටාර, දොළොස් මහේ පහන් ගලවා සොරකම් කළ අඹුසැමි යුවළක් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

පින්වත්ත පොලිසිය විසින් මෙම සැකකරු සහ සැකකාරිණිය අත් අඩංගුවට ගන්නා ලද බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්මලාන ප්‍රදේශයේ පදිංචි 35 හා 42 හැවිරිදි වියෙහි පසුවන අඹුසැමි යුවළක්.

සැකකාර යුවළ විසින් සොරාගෙන පිත්තල කඩවලට අලෙවි කර තිබූ දොළොස් මහේ පහනක්, ඝන්ටාර තුනක්, දේවාල පහනක්, රන්වැටවල් දෙකක රන් ආලේපිත කණු 04ක් සහ කුඩා පිත්තල පහන් 06ක් සොයා ගත් බව පොලිසිය පැවසුවා.

සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?