පන්ජාබ්වරුන් පරදා ලක්නව් කණ්ඩායමට ලකුණු 21ක ජයක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 11වන තරගයෙන් පන්ජාබ් කිංස් කණ්ඩායම පරදා ලකුණු 21ක ජයක් වාර්තා කිරීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම ඊයේ (30) දින රාත්‍රියේ සමත්වුණා.

එම තරගයේ කාසියේ වාසිය දිනූ ලක්නව් කණ්ඩායම තීරණය කළේ පළමුව පනදුවට පහර දීමටයි.

ඒ අනුව පිටියට පිවිසි ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 08ක් දැවී ලකුණු 199ක් ලබා ගත්තා.

එහිදී ක්වින්ටන් ඩී කොක් ලකුණු 58ක් පන්දු 38කින් රැස්කළ අතර නිකොලස් පුරාන් පන්දු 21 කින් වේගවත් ලකුණු 42ක් සහ කෘනල් පාන්ඩ්යා පන්දු 22 කින් ලකුණු 43ක් රැස්කළා.

පන්දු යැවීමේදී පන්ජාබ් කණ්ඩායම වෙනුවෙන් සෑම් කරන් ලකුණු 28කට දවාගත් කඩුළු සංඛ්‍යාව 03ක් .

මෙම තරගය ජය ගැනීම සදහා ලකුණු 200ක ඉලක්කයක් හඹා යාම සදහා පිටියට පිවිසි පන්ජාබ් කණ්ඩායමට නියමිත පන්දුවාර සංඛ්‍යාව අවසානයේ කඩුළු 05ක් දැවී ලබා ගත හැකිවුයේ ලකුණු 178ක් පමණයි.

එහිදී නායක ශිකර් ධවාන් පන්දු 50කින් ලකුණු 70ක් ද ,ජොනී බෙයාර්ස්ටෝව් පන්දු 29කින් ලකුණු 42ක් ලබා ගත්තා.

මායන්ක් යාදව් ලකුණු 27කට කඩුළු 03ක් දවා ගනිද්දී මොහ්සින් ඛාන් ද ලකුණු 34කට කඩුළු 02ක් දවා ගැනීමටයි සමත් වුණේ.

තරගයේ වීරයා වශයෙන් ලක්නව් කණ්ඩායමේ මායන්ක් යාදව් නම් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47