පන්ජාබ්වරුන් පරදා ලක්නව් කණ්ඩායමට ලකුණු 21ක ජයක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 11වන තරගයෙන් පන්ජාබ් කිංස් කණ්ඩායම පරදා ලකුණු 21ක ජයක් වාර්තා කිරීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම ඊයේ (30) දින රාත්‍රියේ සමත්වුණා.

එම තරගයේ කාසියේ වාසිය දිනූ ලක්නව් කණ්ඩායම තීරණය කළේ පළමුව පනදුවට පහර දීමටයි.

ඒ අනුව පිටියට පිවිසි ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 08ක් දැවී ලකුණු 199ක් ලබා ගත්තා.

එහිදී ක්වින්ටන් ඩී කොක් ලකුණු 58ක් පන්දු 38කින් රැස්කළ අතර නිකොලස් පුරාන් පන්දු 21 කින් වේගවත් ලකුණු 42ක් සහ කෘනල් පාන්ඩ්යා පන්දු 22 කින් ලකුණු 43ක් රැස්කළා.

පන්දු යැවීමේදී පන්ජාබ් කණ්ඩායම වෙනුවෙන් සෑම් කරන් ලකුණු 28කට දවාගත් කඩුළු සංඛ්‍යාව 03ක් .

මෙම තරගය ජය ගැනීම සදහා ලකුණු 200ක ඉලක්කයක් හඹා යාම සදහා පිටියට පිවිසි පන්ජාබ් කණ්ඩායමට නියමිත පන්දුවාර සංඛ්‍යාව අවසානයේ කඩුළු 05ක් දැවී ලබා ගත හැකිවුයේ ලකුණු 178ක් පමණයි.

එහිදී නායක ශිකර් ධවාන් පන්දු 50කින් ලකුණු 70ක් ද ,ජොනී බෙයාර්ස්ටෝව් පන්දු 29කින් ලකුණු 42ක් ලබා ගත්තා.

මායන්ක් යාදව් ලකුණු 27කට කඩුළු 03ක් දවා ගනිද්දී මොහ්සින් ඛාන් ද ලකුණු 34කට කඩුළු 02ක් දවා ගැනීමටයි සමත් වුණේ.

තරගයේ වීරයා වශයෙන් ලක්නව් කණ්ඩායමේ මායන්ක් යාදව් නම් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45


?