පදියතලාවේ පාළු ඉඩමක නාඳුනන මළ සිරුරක්

පදියතලාව පොලිස් වසමේ මීගස්වත්ත ප්‍රද්ශයේ තිබී නාඳුනන මළසිරුරක් හමු වී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ ඊයේ (11) සවස් කාලයේ එම ප්‍රදේශයේ පිහිටි පාළු ඉඩමක තිබී මෙම මළ සිරුර සොයා ගැනුණු බවයි.

ඒ එම ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් මත වන අතර තවමත් මෙම මෘත ශරීරයේ අනන්‍යතාව හෙළි වී නැහැ.

මෘත ශරීරය හඳුනාගත නොහැකි අයුරින් විකෘති වී ඇති අතර අවසන් වරට ඔහු හැඳ සිට ඇත්තේ දම් පැහැති අත් කොට කමිසයක් සහ දුඹුරු පැහැති දිගු කලිසමක් වන බව ද පොලිසිය පවසනවා.

පදියතලාව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?