රැඳවුම් නියෝග මත සිටින කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සැකකරුවන් සිව්දෙනා නිරීක්ෂණය කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (24) කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගෙන් අවසර ඉල්ලිමක්කර තිබෙනවා.
එහිදි මහේස්ත්‍රාත්වරයා ලබන 01 වැනිදා එම සැකකරුවන් නිරීක්ෂණය කිරීමට පියවර ගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නා.
සිද්ධියට අදාළ මෙම සැකකරුවන් රඳවා තබා ගෙන ප්‍රශ්න කරන බව මෝසමක් ගොනු කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කොටුව මහේස්ත්‍රාත් හමුවේ දැනුම් දෙමින් මෙලෙස ඉල්ලීමක් කළා.
සැකකරු ඇතුළු සිව් දෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාාගන ප්‍රශ්න කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.
විදේශගතව සිට මෙරට මිනිස් ඝාතන, තර්ජනය කිරීම්, බියවැද්දවීම් සහ මත්කුඩු ජාවාරම්වල නිරතව සිටි බවට මෙම සැකකරුවන් විමර්ශන නිලධාරීන් විසින් පසුගියදා ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගත්තා.














