ඇමරිකානු ප්‍රහාරයකට ලක්වූ ඉරාන යුද නෞකාවේ සිටි 84 දෙනෙකුගේ මළ සිරුරු සොයාගැනේ

ශ්‍රී ලංකාවට ඔබ්බෙන් වූ ජාත්‍යන්තර මුහුදේ දී ඇමරිකානු ප්‍රහාරයකට ලක්වූ ඉරාන යුද නෞකාවේ සිටි බවට විශ්වාස කෙරෙන පුද්ගලයින් 84 දෙනෙකුගේ මළ සිරුරු සොයාගත් බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසනවා.

එම මළ සිරුරු ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහල වෙත රැගෙනවිත් ඇති බවයි නාවික හමුදාව සඳහන් කළේ.

අයිරිස් ඩෙනා නැමැති මෙම නෞකාව ඊයේ (04) ශ්‍රී ලංකාවේ සෙවීම් සහ මුදාගැනීමේ කලාපයට ආසන්න ජාත්‍යන්තර මුහුදේදී ප්‍රහාරයකට ලක්ව තිබුණා.

1979 ජාත්‍යන්තර සමුද්‍රීය සෙවීම් සහ මුදාගැනීමේ සම්මුතියට අනුව, එවැනි හදිසි අවස්ථා සඳහා සහාය වීමට ශ්‍රී ලංකාව ජාත්‍යන්තරව බැඳී සිටින අතර, සිද්ධිය සිදු වූ මුහුදු ප්‍රදේශයේ සෙවීම් සහ මුදාගැනීමේ මෙහෙයුම් සඳහා වගකීම දරණවා.

ඒ අනුව ඊයේ (05) පෙරවරුවේ නෞකාව ගිලෙමින් පවතින බවට ආපදා පණිවිඩය ලැබීමෙන් පසු, ශ්‍රී ලංකා නාවික හමුදාව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහාය ඇතිව සෝදිසි සහ මුදාගැනීමේ මෙහෙයුම් වහාම ආරම්භ කළා.

රොයිටර් පුවත් සේවයට අනුව, නෞකාවේ ආසන්න වශයෙන් පුද්ගලයින් 180ක් සිටි බවයි වාර්තා වන්නේ.

මෙම නෞකාවේ සිටි අයගෙන් පුද්ගලයින් 32 දෙනෙකු බේරාගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත් වුණා.

මේ අතර, ඊයේ සවස පෙන්ටගනයේ පැවති සාකච්ඡාවක් අමතමින් එක්සත් ජනපද යුද ලේකම් පීට් හෙග්සෙත් තහවුරු කළේ ටෝපිඩෝවක් භාවිත කරමින් ඉන්දියානු සාගරයේ ඉරාන යුද නෞකාව ගිල්වා දැමුවේ එක්සත් ජනපද සබ්මැරීනයක් බවයි.

එක්සත් ජනපද යුද ලේකම් පීට් හෙග්සෙත් පැවසුවේ එක්සත් ජනපදය ඉන්දියානු සාගරයේ “ජාත්‍යන්තර ජලයේ ආරක්ෂිත යැයි විශ්වාස කළ ඉරාන යුද නෞකාවක්” ලෙස විස්තර කළ දෙයක් ගිල්වා දැමූ බවයි.

  1. ජාත්‍යන්තර හා දේශීය මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදයට පහසු කම් සැපයීම ට ත්‍රිවිධ හමුදාව යොදවා ලංකා වීරෝධාර දු පුතුන් ගේ ජීවිත බිලි දෙනු එපා. අවුරුදු 50 කාලයක සිට 30 අවුරුදු යුද්ධයේ කලේත් ඒ කුමන්ත්‍රණයයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06