ක්‍රිකට් පරිපාලනය සම්බන්ධයෙන් විශේෂ තීරණයක් සති 02ක් තුළ – ජනපතිත් සාකච්ඡාවට මැදිහත් වෙලා (වීඩියෝ)

2014 වසරේ පන්දුවාර 20-20 ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමෙන් පඩු මෙරට ක්‍රිකට් ක්‍රීඩාව අඛණ්ඩව කඩා වැටීමකට ලක්වූ බව ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමති සුනිල් කුමාර ගමගේ පවසනවා.

මාධ්‍ය හමුවක් කැඳවමින් අමාත්‍යවරයා සඳහන් කළේ කඩාවැටී ඇති ක්‍රිකට් ක්‍රීඩාව යළි ගොඩගැනීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමඟ සාකච්ඡාකර දැනටමත් පියවර කිහිපයක් ගෙන ඇති බවයි සඳහන් කර සිටියේ.

මෙරට ක්‍රිකට් ක්‍රීඩාව තහනම් කර ගැනීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව පැවසූ අමාත්‍යවරයා අතීතයේ මෙන් යළිත් ජයග්‍රහණ ගෙන ඒමට හැකි පරිදි ක්‍රිකට් ක්‍රීඩාව ගොඩගැනීමට කටයුතු කරන බවයි ඔහු පැවසුවේ.

ක්‍රිකට් පරිපාලනය වෙනස්කිරීමේ ආකෘතිය පිළිබඳව මේ දිනවල සාකච්ඡා සිදුකරනගෙන යන බවත් එම සාකච්ඡා සඳහා විශේෂයෙන්ම ජනාධිපතිවරයාත් මැදිහත් වී ඇති බවයි මෙහිදී ක්‍රීඩා අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ.

ඒ, අනුව ක්‍රිකට් පරිපාලනය සම්බන්ධයෙන්වන සුදුසු ක්‍රමවේදය ඉදිරි සති දෙකක පමණ කාලය තුළ දී ගනු ලබන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17