“පක්ෂය විනාශ කරනවා” – ශ්‍රීලනිප මහ ලේකම්ට අමරවීරගෙන් චෝදනාවක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් මහ ලේකම්වරයා මේ වනවිට පක්ෂය විනාශ මුඛයට ගෙන යමින් පවතින අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කරනවා.

හම්බන්තොට ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ පක්ෂයක නිලතල දැරීමේ දී නොගැළපෙන වචන භාවිතයෙන් තොර වැදගත් හැසිරීමක් ඉස්මතු කිරීමට නිදහස් පක්ෂයේ වර්තමානයේ තනතුරු දරණ පුද්ගලයින්ට නොහැකි වී ඇති බවයි.

“වාචාල විදිහට කතාකරන්න හොඳ නෑ. පක්ෂයක නිලතල දරණ කොට වැදගත් විදිහට කතානරන්න ඕනේ. වැදගත් විදිහට හැසිරෙන්න ඕනේ. 39 දෙනෙක් එයා ලේකම් වෙනකොට හිටියා. අද දෙන්නා තුන්දෙනාට වැටෙන්නේ ඒකනේ, කතා කරලා ඔය වාචාල කියවලා. ඒ කටුයුතු කිරීමේ ප්‍රතිඵලය තමයි පක්ෂය ඔය තත්ත්වයට පත්වෙලා තියෙන්නේ. බෝඩ් ලෑල්ලයි, බිල්ඩින් එකයි තියෙනවා දැන් ඕකත් විකුණගන්න තමයි ලොකු සටනක් කරන්නේ හැමෝම.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?