නොවැම්බර් 21 වනදා සිට සමස්ත ධීවර ප්‍රජාවට නව විශ්‍රාම වැටුපක්

නව ශක්‍යතා අධ්‍යයනයකින් පසු ඔලුවිල් වරාය ප්‍රයෝජනයට ගතහැකි ආකාරය සම්බන්ධයෙන් ඉදිරි තීරණයක් ගන්නා බව ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් පවසනවා.

මේ පිළිබඳ අදහස් පළවුයේ ධීවර, ජලජ සම්පත් සහ සාගර සම්පත් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අමාත්‍යවරයාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

මේ අවස්ථාව සඳහා ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ ද සහභාගීව සිටියා.

මෙම රැස්වීමේ දී ඔලුවිල් ධීවර වරාය ක්‍රියාත්මක කිරීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා වුණා .

නිසි අධ්‍යයනයන් සිදු නොකර ඔලුවිල් වරාය ඉදිකිරීමෙන් සිදුවන හානිය නිවැරදි කිරීම සඳහා නව ශක්‍යතා අධ්‍යයනයන් සිදුකරන බවත්, ඒ මත පදනම්ව අනාගත සැලසුම් සකස් කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මීට අමතරව, නැගෙනහිර පළාතට ධීවර වරායක අවශ්‍යතාවය සපුරාලීම සඳහා වාලච්චේන ප්‍රදේශයේ ධීවර වරාය 2026 දී නව පහසුකම් සහිත පුළුල් ධීවර වරායක් බවට පත් කිරීමටත්, එම ප්‍රදේශයේ ධීවර කර්මාන්ත සඳහා අවශ්‍ය අයිස් නිෂ්පාදනයට කර්මාන්ත ශාලාවක් පිහිටුවීමටත් සැලසුම් කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

මෙහිදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස, ලංකා ධීවර සංස්ථාව ඈවර කිරීමට පවතින රජයේ ආයතන ලැයිස්තුවට ඇතුළත් කර ඇති බවට පළවන වාර්තාවල සත්‍යතාව පිළිබඳව විමසීමක් කළා.

ඊට ප්‍රතිචාර දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා එම වාර්තාවන් සත්‍ය නොවන බව පැවසුවා.

එලෙස අසත්‍ය වාර්තා පළවීම කෙසේ වුවාද යන්න පිළිබඳව අමාත්‍යාංශයටද ගැටලුවක්ව පවතින බවත් රජය එවැනි තීරණයක් ගෙන නොමැති බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළා.

මෙහිදී ධීවරයින් සඳහා වන විශ්‍රාම වැටුප් ක්‍රමය පිළිබඳව විපක්ෂ නායකවරයාගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා නොවැම්බර් 21 වන දින සිට මේ රටේ සමස්ත ධීවර ප්‍රජාව සඳහා නව විශ්‍රාම වැටුප් ක්‍රමයක් ස්ථාපිත කරන බව ප්‍රකාශ කළා.

ඒ අනුව එය දායක විශ්‍රාම වැටුපක් ලෙස හැඳින්විය හැකි බැවින් ධීවර ප්‍රජාවට ඔවුන්ගේ දායකත්වයේ ප්‍රමාණය අනුව ප්‍රතිලාභ ලබා දෙන නව විශ්‍රාම වැටුප් ක්‍රමයක් ස්ථාපිත කරන බවත් තවදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.

මෙම රැස්වීමේදී රටේ අනෙකුත් ප්‍රදේශවල ධීවරයින් මුහුණ දෙන ගැටලු ඇතුළු අමාත්‍යාංශ විෂය පථයට අදාළ කරුණු රැසක් පිළිබඳව ද දීර්ඝ ලෙස සාකච්ඡා වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලි#ගික අධ්‍යාපනයේ නොදැනුවත් කම නිසා අපාරාධ කීයක් නම් වෙනවද..කිසිම ප්‍රතිසංස්කරණයක් 100%ක් හරි නෑ
04:02
Video thumbnail
කවුද බොල වනචාරියා - අපිලාගේ සාදුට රතු කට්ට පනී
03:30
Video thumbnail
හාමුදුරුවනේ ඔයාට කරදරයක් නෑනේ - සීලරතන හිමි, මිහින්තලේ හිමි බැහැදකී
01:30
Video thumbnail
සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය තරුණ වෙයි..බලන්නකෝ සෙට් එකගේ තියෙන සතුට
01:31
Video thumbnail
UNP ප්‍රබලයෙක් ආප්පත් අරගෙන මිහින්තලේ හිමි බැහැ දකින්න එයි..සිවුරු ඇරපු මන්ත්‍රීවරු ගැනත් හෙළිකරයි
08:26
Video thumbnail
සජිත් අගමැතිනිව සැරටම අමතයි - උද්දච්චකමින් ඉවත්වෙන්න
07:59
Video thumbnail
රාජකාරියෙන් ඉවත්වෙන්න - ජනපති සැරවෙයි
02:10
Video thumbnail
ජනාධිපති සහෝදරයාගෙන් රටටම පොරොන්දුවක්..ඔයාලා අපිව අත්නොහරිනකල් අපිත් ඔයාලව අත්හරින්නේ නෑ
05:44
Video thumbnail
ජනතාව නීතියට බය නෑ කියන්නේ..හරියට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ..OICට ඒක දැනෙන්න ඕනි
06:46
Video thumbnail
මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා අධිකරණයට
00:46


?