නොවැම්බර් 21 වනදා සිට සමස්ත ධීවර ප්‍රජාවට නව විශ්‍රාම වැටුපක්

නව ශක්‍යතා අධ්‍යයනයකින් පසු ඔලුවිල් වරාය ප්‍රයෝජනයට ගතහැකි ආකාරය සම්බන්ධයෙන් ඉදිරි තීරණයක් ගන්නා බව ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් පවසනවා.

මේ පිළිබඳ අදහස් පළවුයේ ධීවර, ජලජ සම්පත් සහ සාගර සම්පත් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අමාත්‍යවරයාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

මේ අවස්ථාව සඳහා ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ ද සහභාගීව සිටියා.

මෙම රැස්වීමේ දී ඔලුවිල් ධීවර වරාය ක්‍රියාත්මක කිරීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා වුණා .

නිසි අධ්‍යයනයන් සිදු නොකර ඔලුවිල් වරාය ඉදිකිරීමෙන් සිදුවන හානිය නිවැරදි කිරීම සඳහා නව ශක්‍යතා අධ්‍යයනයන් සිදුකරන බවත්, ඒ මත පදනම්ව අනාගත සැලසුම් සකස් කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මීට අමතරව, නැගෙනහිර පළාතට ධීවර වරායක අවශ්‍යතාවය සපුරාලීම සඳහා වාලච්චේන ප්‍රදේශයේ ධීවර වරාය 2026 දී නව පහසුකම් සහිත පුළුල් ධීවර වරායක් බවට පත් කිරීමටත්, එම ප්‍රදේශයේ ධීවර කර්මාන්ත සඳහා අවශ්‍ය අයිස් නිෂ්පාදනයට කර්මාන්ත ශාලාවක් පිහිටුවීමටත් සැලසුම් කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

මෙහිදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස, ලංකා ධීවර සංස්ථාව ඈවර කිරීමට පවතින රජයේ ආයතන ලැයිස්තුවට ඇතුළත් කර ඇති බවට පළවන වාර්තාවල සත්‍යතාව පිළිබඳව විමසීමක් කළා.

ඊට ප්‍රතිචාර දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා එම වාර්තාවන් සත්‍ය නොවන බව පැවසුවා.

එලෙස අසත්‍ය වාර්තා පළවීම කෙසේ වුවාද යන්න පිළිබඳව අමාත්‍යාංශයටද ගැටලුවක්ව පවතින බවත් රජය එවැනි තීරණයක් ගෙන නොමැති බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළා.

මෙහිදී ධීවරයින් සඳහා වන විශ්‍රාම වැටුප් ක්‍රමය පිළිබඳව විපක්ෂ නායකවරයාගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා නොවැම්බර් 21 වන දින සිට මේ රටේ සමස්ත ධීවර ප්‍රජාව සඳහා නව විශ්‍රාම වැටුප් ක්‍රමයක් ස්ථාපිත කරන බව ප්‍රකාශ කළා.

ඒ අනුව එය දායක විශ්‍රාම වැටුපක් ලෙස හැඳින්විය හැකි බැවින් ධීවර ප්‍රජාවට ඔවුන්ගේ දායකත්වයේ ප්‍රමාණය අනුව ප්‍රතිලාභ ලබා දෙන නව විශ්‍රාම වැටුප් ක්‍රමයක් ස්ථාපිත කරන බවත් තවදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.

මෙම රැස්වීමේදී රටේ අනෙකුත් ප්‍රදේශවල ධීවරයින් මුහුණ දෙන ගැටලු ඇතුළු අමාත්‍යාංශ විෂය පථයට අදාළ කරුණු රැසක් පිළිබඳව ද දීර්ඝ ලෙස සාකච්ඡා වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34