නොනගතේ වෙලාවේ හයිලෙවල් පාරේ රේස් ගිය මෝටර් රථ දෙක පොලිසියෙන් අල්ලයි

සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන වීඩියෝවක දැක්වෙන, හයිලෙවල් මාර්ගයේ තරගකාරී ලෙස ධාවනය කළ මෝටර් රථ දෙක පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙම මෝටර් රථ දෙක පසුගිය 13 වනදා රාත්‍රියේ හයිලෙවල් මාර්ගයේ හෝමාගම, ගලවිලවත්තේ සිට මාකුඹුර දෙසට තරගකාරී ලෙස ධාවනය කර තිබුණා.

මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලවල වීඩියෝවක් ද සංසරණය වූ අතර, ඒ පිළිබඳව පොලිසිය විමර්ශන ආරම්භ කළා.

ඒ, අනුව අදාළ වීඩියෝවේ දැක්වෙන මෝටර් රථ දෙක ඊයේ (25) හෝමාගම පොලිස් ස්ථානයේ නිලධාරී කණ්ඩායමක් සිය භාරයට ගෙන තිබෙනවා.

මෙම සිද්ධියට අදාළ මෝටර් රථ දෙක පැදවූ රියදුරන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, ඔවුන්ට එරෙහිව ඉදිරියේ දී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
8
+1
0
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?