නෙතන්යාහු යුද කැබිනට්ටුව විසුරුවා හරියි – ඊශ්‍රායලයේ මීළඟ පිම්ම කුමක්දැයි සැකයක්

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් සිය සය දෙනෙකුගෙන් සමන්විත යුද කැබිනට් මණ්ඩලය විසුරුවා හැර තිබෙනවා.

රොයිටර්ස් පුවත් සේවය සඳහන් කළේ අද (17) උදෑසන අග්‍රාමාත්‍යවරයා මෙම තීරණය ක්‍රියාත්මක කර ඇති බවයි.

ඊශ්‍රායලයේ මධ්‍යස්ථ මතධාරියෙකු වන හිටපු ජෙනරාල් බෙනී ගැන්ට්ස්ගේ නෙතන්යාහුගේ රජයෙන් ඉවත් වීම මෙම තීරණය ආසන්නතම සිදුවීමක් ද විය හැකි බවත් වාර්තා වනවා.

කෙසේවෙතත් යුද කැබිනට් මණ්ඩලය විසුරුවා හැරිය ද, නෙතන්යාහු සහ එරට ආරක්ෂක අමාත්‍ය Yoav Gallant සහ යුද කැබිනට් මණ්ඩලයේ සිටි උපායමාර්ගික කටයුතු අමාත්‍ය Ron Dermer ඇතුළු සීමිත පිරිසක් සමග ගාසා හි යුද ගැටුම් සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට සූදානමින් පසුවන බව ද තොරතුරු වාර්තා වී තිබෙනවා.

එරට දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ බෙන්ජමින් නෙතන්යාහුගේ මෙම ක්‍රියාව බොහෝ විට ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ මානසික පීඩනය වැඩි කරනු ඇති බවයි.

ඊශ්‍රායල – පලස්තීන යුද්ධය ගාසා හි දී ඔක්තෝම්බර් මාසයේ දී ආරම්භ වීමත් සමග Gantz එරට ජාතික සමගි ආණ්ඩුවකට නෙතන් යාහු සමග එක් වුණා.

ඉන්පසුවයි මෙම සාකච්ඡා සංසදය පිහිටුවා ඇත්තේ.

එහි Gantz ගේ සහකරු Gadi Eisenkot සහ ආගමික පක්ෂයේ Shas හි ප්‍රධානියා වන Aryeh Deri නිරීක්ෂකයින් ලෙස ද කටයුතු කරන බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10