Empty Ad
AFC Banner
Empty Ad

නුවරඑළිය තැපැල් කන්තෝරුව විකුණන්නේ නෑ – ඒත් සංචාරක කර්මාන්තයට දායක කරගන්නවා

නුවරඑළිය තැපැල් කාර්‍යාලය පසුගිය රජය විසින් විකිණීමට උත්සාහ කළ ද එය මේ වනවිට (26) නතර කර තිබෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

මේ වනවිට පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

පසුගිය රජය විසින් නුවරඑළිය තැපැල් කාර්‍යාලයේ පාලනය ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවෙන් ගැලවීමට උත්සාහ කළ ද, එය මෙම රජය යටතේ සිදු නොවන බව කැබිනට් අමාත්‍යවරයා කියා සිටියා.

නමුත් සම්පූර්ණයෙන් ම තැපැල් කටයුතු පමණක් ම සිදු නොකර, නිසි ක්‍රමවේදයකට අනුව සංචාරක කර්මාන්තය දියුණු කිරීමට ද නුවරඑළිය තැපැල් කාර්‍යාලය යොදා ගැනීම ගැන රජයේ අවධානය යොමු ව ඇති බවයි නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ.

මේ වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ද විභාග වෙමින් පවතින බවත්, අදාළ නිසි ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට සංචාරක මණ්ඩලයේ ද තාක්ෂණික සහාය ලබා ගනිමින් ඉදිරියේ දී කටයුතු කිරීමට රජය බලාපොරොත්තු වන බව අධිකරණයට දැනුම්දීම සිදු කරන බව ද කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියා.

මෙම සියලු ක්‍රියාවලිය නාගරික සංවර්ධන අධිකාරියේ මෙන් ම ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ ද පූර්ණ සහයෝගය ලබා ගැනීමට ද රජය බලාපොරොත්තු වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?