නුවරඑළියේ වහන 49 කට පාරේ දුවන්න තවකාලික තහනමක්

නුවරඑළිය පොලිස් වසමේ නුවරඑළිය – බදුල්ල මාර්ගයේ හග්ගල ප්‍රදේශයේ දී සහ නුවරඑළිය උඩුපුස්සැල්ලාව මාර්ගයේ බොරලන්ද ප්‍රදේශයේදී නුවරඑළිය පොලිස් ස්ථානයේ නිලධාරින් හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරින් කණ්ඩායමක් එක්ව වාහන පරීක්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක් ඊයේ (25) සිදුකර තිබෙනවා.

එහිදී ධාවනයට නුසුදුසු, දුර්වල නඩත්තු, අධික කළු දුම සහිත මගී බස් රථ 18ක්, ලොරි 21 ක්, ද්විත්ව කාර් රථ 08ක් හා ත්‍රීරෝද රථ 02ක් ලෙස වාහන 49ක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමටයි කටයුතු කර තිබුණේ.

මෙම වාහනවල රියදුරන්ගේ රියදුරු බලපත්‍ර පොලිස් භාරයට ගෙන තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු කර ඇති අතර, 2026.03.27 වන දිනට පෙර වාහන ධාවනයට සුදුසු තත්ත්වයට පත් කර ඉදිරිපත් කිරීමට දැනුම් දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?