නීති විරෝධී සංක්‍රමණ සඳහා මුදල් ලබාගත් 2ක් මීගමුවේදී අත්අඩංගුවට

නීති විරෝධී ලෙස මෙරටින් විදෙස් රටකට පුද්ගලයන් සංක්‍රමණය කර රැකියා ලබා දෙන බව පවසා මුදල් ලබාගත් මිනිස් ජාවාරම්කරුවන් බවට සැකකෙරෙන පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිසිය සමග එක්ව පසුගියදා මීගමුව ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී යි මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

නාවික හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව, මීගමුව පොලිසිය හා එක්ව පසුගිය 4 වනදා සවස මීගමුව ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු මෝටර් රථයක් පරීක්‍ෂාවට ලක් කර තිබෙනවා.

එහිදී, මෙරටින් විදෙස් රටකට නීති විරෝධී ලෙස මිනිසුන් සංක්‍රමණය කරවා රැකියා ලබා දෙන බව පවසා පුද්ගලයන් 20 දෙනෙකුගෙන් රුපියල් මිලියන 5කට අධික මුදලක් ලබාගත් මිනිස් ජාවාරම්කරුවන් බවට සැකකෙරෙන පුද්ගලයන් දෙදෙනෙකු සමඟ එම මෝටර් රථය අත්අඩංගුවට ගනු ලැබුවා.

වයස අවුරුදු 30 සහ 41 යන වයසේ පසුවන සැකකරුවන් හලාවත සහ කිලිනොච්චිය ප්‍රදේශවල පදිංචිකරුවන් බවටයි හඳුනාගෙන ඇත්තේ.

එම සැකකරුවන් දෙදෙනා සහ මෝටර් රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා මීගමුව පොලිසිය වෙත භාර දීමට පියවර ගෙන තිබෙනවා.

මෙවැනි මිනිස් ජාවාරම් වලට හසුවී, නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කර, නීතිය ඉදිරියේ වරදකරුවෙකු වීමෙන් වළකින ලෙසටයි නාවික හමුදාව අවධාරණය කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10