පමුණුගම පොලිස් වසමේ උස්වැටකෙයියාව මාර්ගයේ පිහිටි ගබඩාවකදී ඊයේ (31) දහවල් පමුණුගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර නීති විරෝධි ලෙස මෙරටට ගෙන්වන ලද කහ කිලෝග්‍රෑම් 3204 ග්‍රෑම් 400ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම කහ තොගය සමඟ සැකකරුවෙක් ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
එම සැකකරු අවුරුදු 28 ක් වන වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
පමුණුගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













