නීතිවිරෝධී මහවිරු සැමරුම් උත්සව ගැන නීතිමය පියවර ගන්නා බවට අධිකරණ හමුවේ ප්‍රතිඥාවක්

ඉදිරි දිනවල උතුරු නැගෙනහිර ප්‍රදේශවල අනීතික ලෙස පැවැත්වීමට නියමිත ‘මහවිරු සැමරුම්’ උත්සව සම්බන්ධයෙන් සාමාන්‍ය නීතිය හා අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවට පොලිස්පතිවරයා සහ ත්‍රස්ත විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා විසින් අද (24) අභියාචනාධිකරණයට ප්‍රතිඥාවක් ලබාදුන්නා.

මේ මස 27 වන දා සිට උතුරු නැගෙනහිර ප්‍රදේශවල පැවැත්වීමට නියමිත නීති විරෝධී මහවිරු සැමරුම් වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි නියෝග නිකුත් කරන මෙන් ඉල්ලා යුද හමුදාවේ විශ්‍රාමික බුද්ධි අංශ නිළධාරියෙකු වන ආනන්ද ජයමාන්න විසින් ඉදිරිපත් කළ පෙත්සමක් කැඳවනු ලැබූ අවස්ථාවේ දී පොලිස්පතිවරයා සහ ත්‍රස්ත මර්දන කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යේෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම මෙම ප්‍රතිඥාව ලබාදුන්නා.

මෙම පෙත්සම අද (24) මායාදුන්නේ කොරයා සහ එස්.යූ.බී. කරලියද්ද යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

පෙත්සම්කරු අධිකරණය හමුවේ සඳහන් කර තිබුණේ කොටි සංවිධානයේ මියගිය සාමාජිකයින් සිහිපත් කිරීම සඳහා උතුරු නැගෙනහිර පවත්වනු ලබන මහවිරු සැමරුම් සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවයි.

“මෙම උත්සවය පවත්වනු ලබන්නේ මියගිය කොටි සාමාජිකයින් සැමරීම සඳහායි. එය ආරම්භ කළේ කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් විසින්. විදේශ වල සිටින කොටි සාමාජිකයින් හා හිතවාදීන් කොටි ධජය ප්‍රදර්ශනය කරමින් මෙම උත්සවය සමරනු ලබනවා. ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල අදාල ධජයේ කොටි සලකුණ නොමැතිව මෙම උත්සවය සැමරීමට කටයුතු කරනවා. එසේම කෘතිම බුද්ධිය උපයෝගී කරගනිමින් ප්‍රභාකරන්ගේ දියණිය යැයි කියනු ලබන තැනැත්තියකගේ කටහඬක් නිර්මාණය කර එය උපයෝගී කරගෙන දෙමළ ජාතිකයින් යළි අවි අතට ගත යුතු බව සඳහන් වීඩියෝ පටයක් බෙදාහරිමින් පවතිනවා. මේක භයානක තත්ත්වයක්. මේ නිසා ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල වනවා. එසේම ජාතීන් අතර පවතින සංහිඳියාවටත් මෙම තත්ත්වය විශාල තර්ජනයක් වී තිබෙනවා.”යනුවෙන් පෙත්සම්කරු අධිකරණය හමුවේ සඳහන් කර තිබෙනවා.

පෙත්සම අද අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අනීතික ලෙස පවත්වනු ලබන මෙම මහවිරු සැමරුම් හේතුවෙන් ජාතීන් අතර පවතින සංහිඳියාව බිඳවැටී සමාජය තුළ කලබලකාරි තත්ත්වයක් නිර්මාණය විය හැකි අවදානමක් මතුව තිබෙන බව පෙන්වා දුන්නා.

ඉදිරි දිනවල මෙවැනි උත්සව 50ක් පමණ උතුරු නැගෙනහිර ප්‍රදේශවල පැවැත්වීමට කටයුතු යොදා ඇති බවට බුද්ධි තොරතුරු ලැබී තිබෙන බවත් ඒ හරහා අර්බුදකාරී තත්ත්වයන් මතු වීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගත යුතු බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු සැලකර සිටියා.

එහිදී පොලිස්පතිවරයා සහ ත්‍රස්ත මර්දන කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යේෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම අධිකරණය හමුවේ කරුණු දක්වමින් අනීතික ලෙස සිදු කරනු ලබන මහවිරු සැමරුම් සම්බන්ධයෙන් සාමාන්‍ය නීතිය හා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106 වගන්තිය යටතේ අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ප්‍රතිඥාවක් ලබා දුන්නා.

අනතුරුව එම ප්‍රතිඥාව සටහන් කරගත් පිළිතුරු මාළුන්ව අනුව අවශ්‍ය පියවර ගන්නා ලෙසත් වගඋත්තරකරුවන්ට නියෝග කළා.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, ත්‍රස්ත විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා, යුද හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂවරයා සහ ජාතික බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා නම් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
1
+1
1
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?