නීතිවිරෝධී මහවිරු සැමරුම් උත්සව ගැන නීතිමය පියවර ගන්නා බවට අධිකරණ හමුවේ ප්‍රතිඥාවක්

ඉදිරි දිනවල උතුරු නැගෙනහිර ප්‍රදේශවල අනීතික ලෙස පැවැත්වීමට නියමිත ‘මහවිරු සැමරුම්’ උත්සව සම්බන්ධයෙන් සාමාන්‍ය නීතිය හා අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවට පොලිස්පතිවරයා සහ ත්‍රස්ත විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා විසින් අද (24) අභියාචනාධිකරණයට ප්‍රතිඥාවක් ලබාදුන්නා.

මේ මස 27 වන දා සිට උතුරු නැගෙනහිර ප්‍රදේශවල පැවැත්වීමට නියමිත නීති විරෝධී මහවිරු සැමරුම් වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි නියෝග නිකුත් කරන මෙන් ඉල්ලා යුද හමුදාවේ විශ්‍රාමික බුද්ධි අංශ නිළධාරියෙකු වන ආනන්ද ජයමාන්න විසින් ඉදිරිපත් කළ පෙත්සමක් කැඳවනු ලැබූ අවස්ථාවේ දී පොලිස්පතිවරයා සහ ත්‍රස්ත මර්දන කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යේෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම මෙම ප්‍රතිඥාව ලබාදුන්නා.

මෙම පෙත්සම අද (24) මායාදුන්නේ කොරයා සහ එස්.යූ.බී. කරලියද්ද යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

පෙත්සම්කරු අධිකරණය හමුවේ සඳහන් කර තිබුණේ කොටි සංවිධානයේ මියගිය සාමාජිකයින් සිහිපත් කිරීම සඳහා උතුරු නැගෙනහිර පවත්වනු ලබන මහවිරු සැමරුම් සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවයි.

“මෙම උත්සවය පවත්වනු ලබන්නේ මියගිය කොටි සාමාජිකයින් සැමරීම සඳහායි. එය ආරම්භ කළේ කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් විසින්. විදේශ වල සිටින කොටි සාමාජිකයින් හා හිතවාදීන් කොටි ධජය ප්‍රදර්ශනය කරමින් මෙම උත්සවය සමරනු ලබනවා. ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල අදාල ධජයේ කොටි සලකුණ නොමැතිව මෙම උත්සවය සැමරීමට කටයුතු කරනවා. එසේම කෘතිම බුද්ධිය උපයෝගී කරගනිමින් ප්‍රභාකරන්ගේ දියණිය යැයි කියනු ලබන තැනැත්තියකගේ කටහඬක් නිර්මාණය කර එය උපයෝගී කරගෙන දෙමළ ජාතිකයින් යළි අවි අතට ගත යුතු බව සඳහන් වීඩියෝ පටයක් බෙදාහරිමින් පවතිනවා. මේක භයානක තත්ත්වයක්. මේ නිසා ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල වනවා. එසේම ජාතීන් අතර පවතින සංහිඳියාවටත් මෙම තත්ත්වය විශාල තර්ජනයක් වී තිබෙනවා.”යනුවෙන් පෙත්සම්කරු අධිකරණය හමුවේ සඳහන් කර තිබෙනවා.

පෙත්සම අද අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අනීතික ලෙස පවත්වනු ලබන මෙම මහවිරු සැමරුම් හේතුවෙන් ජාතීන් අතර පවතින සංහිඳියාව බිඳවැටී සමාජය තුළ කලබලකාරි තත්ත්වයක් නිර්මාණය විය හැකි අවදානමක් මතුව තිබෙන බව පෙන්වා දුන්නා.

ඉදිරි දිනවල මෙවැනි උත්සව 50ක් පමණ උතුරු නැගෙනහිර ප්‍රදේශවල පැවැත්වීමට කටයුතු යොදා ඇති බවට බුද්ධි තොරතුරු ලැබී තිබෙන බවත් ඒ හරහා අර්බුදකාරී තත්ත්වයන් මතු වීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගත යුතු බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු සැලකර සිටියා.

එහිදී පොලිස්පතිවරයා සහ ත්‍රස්ත මර්දන කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යේෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම අධිකරණය හමුවේ කරුණු දක්වමින් අනීතික ලෙස සිදු කරනු ලබන මහවිරු සැමරුම් සම්බන්ධයෙන් සාමාන්‍ය නීතිය හා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106 වගන්තිය යටතේ අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ප්‍රතිඥාවක් ලබා දුන්නා.

අනතුරුව එම ප්‍රතිඥාව සටහන් කරගත් පිළිතුරු මාළුන්ව අනුව අවශ්‍ය පියවර ගන්නා ලෙසත් වගඋත්තරකරුවන්ට නියෝග කළා.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, ත්‍රස්ත විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා, යුද හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂවරයා සහ ජාතික බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා නම් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
1
+1
1
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59