Empty Ad
AFC Banner
Empty Ad

නීතිවිරෝධී දැව ජාවාරමක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

පුදුකුඩිඉරිප්පු යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මුලතිව් අඩවියේ නිලධාරීන් විසින් සිදු කරන ලද වැටලීමක දී රුපියල් ලක්ෂ 30ක් පමණ වටිනාකමින් යුත් පලු වර්ගයේ ඉරූ ලී තොගයක් අත් අඩංගුවට ගනු ලැබුවා.

ඊයේ (28) මෙම වැටලීම සිදු කෙරුණේ පුදුකුඩිඉරිප්පු – දේවිපුරම් ප්‍රදේශයේ පිහිටි නිවසක් තුළින්.

වැටලීම සිදු කරන අවස්ථාවේ දී සැකකරු විසින් අදාළ ලී තොගය නිවසෙහි ගබඩා කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු මුලතිව් අඩවි වන නිලධාරී විසින් සිදු කරනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?