නීතිවිරෝධී දැව ජාවාරමක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

පුදුකුඩිඉරිප්පු යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මුලතිව් අඩවියේ නිලධාරීන් විසින් සිදු කරන ලද වැටලීමක දී රුපියල් ලක්ෂ 30ක් පමණ වටිනාකමින් යුත් පලු වර්ගයේ ඉරූ ලී තොගයක් අත් අඩංගුවට ගනු ලැබුවා.

ඊයේ (28) මෙම වැටලීම සිදු කෙරුණේ පුදුකුඩිඉරිප්පු – දේවිපුරම් ප්‍රදේශයේ පිහිටි නිවසක් තුළින්.

වැටලීම සිදු කරන අවස්ථාවේ දී සැකකරු විසින් අදාළ ලී තොගය නිවසෙහි ගබඩා කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු මුලතිව් අඩවි වන නිලධාරී විසින් සිදු කරනු ඇති.