නීතිවිරෝධීව එකලස් කරන ලද ප්‍රාඩෝ වර්ගයේ රථයක් සොයා ගැනේ – සජබ මන්ත්‍රී පලා ගිහිං (වීඩියෝ)

පුත්තලම දිස්ත්‍රික් හිටපු සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර විසින් භාවිත කරන ලද බව කියන නීතිවිරෝධී ව එකලස් කරන ලද ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් කොටස් කර සඟවා තිබියදී නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකය මගින් ඊයේ (06) සිය භාරයට ගැනුණා.

මේ වන විට හිටපු මන්ත්‍රීවරයා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඒ හේතුවෙන් අදාළ රථය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට විමර්ශන නිලධාරීන්ට නොහැකි වී ඇති බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

පුත්තලම දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර කුමාර අබේසේකර විසින් නීතිවිරෝධීව එකලස් කරන ලද ලෑන්ඩ් කෘසර් ප්‍රාඩෝ රථයක් භාවිත කරන බවට නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකයේ ජාලගත වංචා විමර්ශන ඒකකයට තොරතුරක් ලැබී තිබූ අතර ඒ අනුවයි මෙම විමර්ශන ඇරඹුණේ.

ඒ අනුව අදාළ තොරතුර සම්බන්ධයෙන් දින ගණනාවක් විමර්ශනය කිරීමෙන් පසුව ඊයේ එම රථය සිය භාරයට ගැනීමට විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් හලාවතට පැමිණියා.

එහිදී අදාළ රථය පිළිබඳ ව සොයා ගැනීමට නොහැකි වී ඇති අතර වැඩිදුරටත් සිදුකළ පරීක්ෂා කිරීමේ දී එය කොටස් කර ස්ථාන දෙකක සඟවා තිබියදී සොයාගනු ලැබුවා.

එලෙස එය සඟවා තිබුණේ හිටපු මන්ත්‍රීවරයාට අයත් හලාවත – සිත්තමඩම ප්‍රදේශයේ පිහිටි පොල් ඉඩමක සහ මන්ත්‍රීවරයාගේ හලාවත – සේදවත්ත පිහිටි නිවසට ආසන්න වූ වෙනත් නිවසක බවයි පැවසෙන්නේ.

ඒ අනුව එම නිවසේ සඟවා තිබී අදාළ චැසිය සහ බඳ කොටස සොයාගත් අතර ඔහුගේ පොල්වත්තේ තිබී එන්ජිම ඇතුළු කොටස් කිහිපයක් ද සොයා ගත්තා.

විමර්ශන නිලධාරින් සිදුකළ සොයාබැලීමේ දී අනාවරණ වී ඇත්තේ, අදාළ රථය මේ වන විටත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් භාවිත කරන ප්‍රාඩෝ රථයක එන්ජින් අංකය හා චැසි අංකය භාවිත කරමින් ලියාපදිංචි කර ඇති බවයි.

හිටපු මන්ත්‍රීවරයා භාවිත කළ රථයට අදාළ අංක කොටා ඇති බව ද විමර්ශනවල දී අනාවරණ වී තිබෙනවා.

නීතිවිරෝධීව එකලස් කරන ලද වාහන පසුගිය දිනවල පොලීසිය සිය භාරයට ගැනීමත් සමග හිටපු මන්ත්‍රී ශාන්ත අබේසේකර හා ඔහුගේ පුත්‍රයා එක්ව මෙම රථය කොටස් කර සඟවා ඇති බව විමර්ශනවල දී වුණා.

මේ පිළිබඳව හිටපු මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශයක් ගැනීම සඳහා විමර්ශන නිලධාරීන් උත්සහා කළ ද ඔහු ප්‍රදේශයෙන් පලා ගොස් සැඟව සිටීම හේතුවෙන් එය ව්‍යාර්ථ වූ බවයි වාර්තා වූයේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?