නීතිවිරෝධීව එකලස් කරන ලද ප්‍රාඩෝ වර්ගයේ රථයක් සොයා ගැනේ – සජබ මන්ත්‍රී පලා ගිහිං (වීඩියෝ)

පුත්තලම දිස්ත්‍රික් හිටපු සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර විසින් භාවිත කරන ලද බව කියන නීතිවිරෝධී ව එකලස් කරන ලද ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් කොටස් කර සඟවා තිබියදී නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකය මගින් ඊයේ (06) සිය භාරයට ගැනුණා.

මේ වන විට හිටපු මන්ත්‍රීවරයා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඒ හේතුවෙන් අදාළ රථය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට විමර්ශන නිලධාරීන්ට නොහැකි වී ඇති බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

පුත්තලම දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර කුමාර අබේසේකර විසින් නීතිවිරෝධීව එකලස් කරන ලද ලෑන්ඩ් කෘසර් ප්‍රාඩෝ රථයක් භාවිත කරන බවට නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකයේ ජාලගත වංචා විමර්ශන ඒකකයට තොරතුරක් ලැබී තිබූ අතර ඒ අනුවයි මෙම විමර්ශන ඇරඹුණේ.

ඒ අනුව අදාළ තොරතුර සම්බන්ධයෙන් දින ගණනාවක් විමර්ශනය කිරීමෙන් පසුව ඊයේ එම රථය සිය භාරයට ගැනීමට විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් හලාවතට පැමිණියා.

එහිදී අදාළ රථය පිළිබඳ ව සොයා ගැනීමට නොහැකි වී ඇති අතර වැඩිදුරටත් සිදුකළ පරීක්ෂා කිරීමේ දී එය කොටස් කර ස්ථාන දෙකක සඟවා තිබියදී සොයාගනු ලැබුවා.

එලෙස එය සඟවා තිබුණේ හිටපු මන්ත්‍රීවරයාට අයත් හලාවත – සිත්තමඩම ප්‍රදේශයේ පිහිටි පොල් ඉඩමක සහ මන්ත්‍රීවරයාගේ හලාවත – සේදවත්ත පිහිටි නිවසට ආසන්න වූ වෙනත් නිවසක බවයි පැවසෙන්නේ.

ඒ අනුව එම නිවසේ සඟවා තිබී අදාළ චැසිය සහ බඳ කොටස සොයාගත් අතර ඔහුගේ පොල්වත්තේ තිබී එන්ජිම ඇතුළු කොටස් කිහිපයක් ද සොයා ගත්තා.

විමර්ශන නිලධාරින් සිදුකළ සොයාබැලීමේ දී අනාවරණ වී ඇත්තේ, අදාළ රථය මේ වන විටත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් භාවිත කරන ප්‍රාඩෝ රථයක එන්ජින් අංකය හා චැසි අංකය භාවිත කරමින් ලියාපදිංචි කර ඇති බවයි.

හිටපු මන්ත්‍රීවරයා භාවිත කළ රථයට අදාළ අංක කොටා ඇති බව ද විමර්ශනවල දී අනාවරණ වී තිබෙනවා.

නීතිවිරෝධීව එකලස් කරන ලද වාහන පසුගිය දිනවල පොලීසිය සිය භාරයට ගැනීමත් සමග හිටපු මන්ත්‍රී ශාන්ත අබේසේකර හා ඔහුගේ පුත්‍රයා එක්ව මෙම රථය කොටස් කර සඟවා ඇති බව විමර්ශනවල දී වුණා.

මේ පිළිබඳව හිටපු මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශයක් ගැනීම සඳහා විමර්ශන නිලධාරීන් උත්සහා කළ ද ඔහු ප්‍රදේශයෙන් පලා ගොස් සැඟව සිටීම හේතුවෙන් එය ව්‍යාර්ථ වූ බවයි වාර්තා වූයේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34