AFC Banner
AFC Banner
Empty Ad

නීතියෙන් පිට පැනපු කොස්තාපල් හිරගෙට නියම වෙයි

නීතිවිරෝධී මත්ද්‍රව්‍යයක් ලෙස සැලකෙන ‘අයිස්’ සමග පොලිස් කොස්තාපල්වරයෙක් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රැම් 120ක් සන්තකයේ තබාගෙන සිටි පොලිස්
කොස්තාපල්වරයෙක් හැටන් පොලිසියේ නිලධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන හැටන් මහෙස්ත්‍රාත් එම්.ෆරුක්ඩින් මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරු මේ මස 25 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට නියෝග කෙරුණු බවයි.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ මීගොඩ පොලිසියේ දූෂණ සහ වැටලීම් අංශයේ සේවය කරන යාපනය – කරමට්ටි දකුණ ප්‍රදේශයේ පදිංචි යොගරාජා ජයරුබන් නමැති 30 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?