නීතිපතිගෙන් අභියාචනාධිකරණයට තිරිවානා නිධියක් ගැන පොරොන්දුවක්

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැණීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බවට නීතිපතිවරයා විසින් අභියාචනාධිකරණයට පොරොන්දු වී තිබෙනවා.

මෙට්‍රික් ටොන් 7,30,000ක් වන අදාළ තිරිවාන නිධිය කැණීම සඳහා නීත්‍යානුකූලව ලංසු ඉදිරිපත් කර ලබාගත් ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් කෝටි 44කට අධික මුදලක් වැයකර තිබියදී පසුගිය රජය අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් මගින් එම ව්‍යාපෘතිය වෙනත් සමාගම් දෙකකට දීමට කටයුතු කර තිබෙන බව පවසමින් ව්‍යවසායකයකු ගොනු කර තිබු රිට් පෙත්සමක් කැඳවු අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ෂෙහාන් සොයිසා මහතා අදාළ පොරොන්දුව ලබා දුන්නා.

රිට් පෙත්සම නොවැම්බර් 18 වැනිදා යළි කැඳවීමට අධිකරණය නියම කළ අතර අදාළ පොරොන්දුව එදින තෙක් බලපැවැත්වීමට අධිකරණය නියම කළා.

සෝභිත රාජකරුණා සහ මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ රිට් පෙත්සම ඊයේ (02) සලකා බැලුවා.

‘තිසූකා කෝබේ’ සමාගම සහ එහි හිමිකරු වන සුනිමල් ජයන්ත රුද්‍රිගු මහතා ගොනු කර තිබූ පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලය නම්කර තිබෙනවා.

නීතිඥ රම්සි බචා නීතිඥ සමාගම මගින් රිට් පෙත්සම ගොනු කරන සුනිමල් ජයන්ත රුද්‍රිගු මහතා ව්‍යවසායකයකු වන තමා ‘මහින්ද චින්තනය’ යටතේ දේශීය ව්‍යාපාර වැඩිදියුණු කිරීමට රජය ලබා දුන් සහාය යටතේ ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ මෙට්‍රික් ටොන් 730,000ක තිරිවානා නිධියක් කැණීම සඳහා නීත්‍යානුකූලව ලංසු ඉදිරිපත් කර ව්‍යාපෘතිය ලබා ගත් බව ද පෙත්සම මගින් සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලි#ගික අධ්‍යාපනයේ නොදැනුවත් කම නිසා අපාරාධ කීයක් නම් වෙනවද..කිසිම ප්‍රතිසංස්කරණයක් 100%ක් හරි නෑ
04:02
Video thumbnail
කවුද බොල වනචාරියා - අපිලාගේ සාදුට රතු කට්ට පනී
03:30
Video thumbnail
හාමුදුරුවනේ ඔයාට කරදරයක් නෑනේ - සීලරතන හිමි, මිහින්තලේ හිමි බැහැදකී
01:30
Video thumbnail
සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය තරුණ වෙයි..බලන්නකෝ සෙට් එකගේ තියෙන සතුට
01:31
Video thumbnail
UNP ප්‍රබලයෙක් ආප්පත් අරගෙන මිහින්තලේ හිමි බැහැ දකින්න එයි..සිවුරු ඇරපු මන්ත්‍රීවරු ගැනත් හෙළිකරයි
08:26
Video thumbnail
සජිත් අගමැතිනිව සැරටම අමතයි - උද්දච්චකමින් ඉවත්වෙන්න
07:59
Video thumbnail
රාජකාරියෙන් ඉවත්වෙන්න - ජනපති සැරවෙයි
02:10
Video thumbnail
ජනාධිපති සහෝදරයාගෙන් රටටම පොරොන්දුවක්..ඔයාලා අපිව අත්නොහරිනකල් අපිත් ඔයාලව අත්හරින්නේ නෑ
05:44
Video thumbnail
ජනතාව නීතියට බය නෑ කියන්නේ..හරියට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ..OICට ඒක දැනෙන්න ඕනි
06:46
Video thumbnail
මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා අධිකරණයට
00:46


?