නීතිපතිගෙන් අභියාචනාධිකරණයට තිරිවානා නිධියක් ගැන පොරොන්දුවක්

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැණීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බවට නීතිපතිවරයා විසින් අභියාචනාධිකරණයට පොරොන්දු වී තිබෙනවා.

මෙට්‍රික් ටොන් 7,30,000ක් වන අදාළ තිරිවාන නිධිය කැණීම සඳහා නීත්‍යානුකූලව ලංසු ඉදිරිපත් කර ලබාගත් ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් කෝටි 44කට අධික මුදලක් වැයකර තිබියදී පසුගිය රජය අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් මගින් එම ව්‍යාපෘතිය වෙනත් සමාගම් දෙකකට දීමට කටයුතු කර තිබෙන බව පවසමින් ව්‍යවසායකයකු ගොනු කර තිබු රිට් පෙත්සමක් කැඳවු අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ෂෙහාන් සොයිසා මහතා අදාළ පොරොන්දුව ලබා දුන්නා.

රිට් පෙත්සම නොවැම්බර් 18 වැනිදා යළි කැඳවීමට අධිකරණය නියම කළ අතර අදාළ පොරොන්දුව එදින තෙක් බලපැවැත්වීමට අධිකරණය නියම කළා.

සෝභිත රාජකරුණා සහ මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ රිට් පෙත්සම ඊයේ (02) සලකා බැලුවා.

‘තිසූකා කෝබේ’ සමාගම සහ එහි හිමිකරු වන සුනිමල් ජයන්ත රුද්‍රිගු මහතා ගොනු කර තිබූ පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලය නම්කර තිබෙනවා.

නීතිඥ රම්සි බචා නීතිඥ සමාගම මගින් රිට් පෙත්සම ගොනු කරන සුනිමල් ජයන්ත රුද්‍රිගු මහතා ව්‍යවසායකයකු වන තමා ‘මහින්ද චින්තනය’ යටතේ දේශීය ව්‍යාපාර වැඩිදියුණු කිරීමට රජය ලබා දුන් සහාය යටතේ ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ මෙට්‍රික් ටොන් 730,000ක තිරිවානා නිධියක් කැණීම සඳහා නීත්‍යානුකූලව ලංසු ඉදිරිපත් කර ව්‍යාපෘතිය ලබා ගත් බව ද පෙත්සම මගින් සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු - පොහොට්ටු ප්‍රබලයින් රැසක්ම ඇවිත්
00:52
Video thumbnail
බුද්ධශාසන සභාව හදිසියේම රැස්වෙයි - 2027 සිංහල අලුත් අවුරුදු නැකත් සීට්ටුවත් ලබාදෙයි
02:47
Video thumbnail
යහපාලන කාලේ ශානි අපිත් එක්ක වැඩ කළා - මේ ආණ්ඩුව හොර වැඩ කරන්නෙත් එළිපිට
09:00
Video thumbnail
ආණ්ඩුවෙන් දෙකෙන් පංගුවක් මහණවෙලා හිටපු එවුන් - මේකේ ඉදලා ශාසනයම කාලා ගිය එවුන්..අද බනිනවා මුන්
01:39
Video thumbnail
ඉතාලි තානාපතිවරයා, ඇමති වසන්ත හමුවෙයි
01:34
Video thumbnail
බිරිඳගේ උපන්දිනයට සැමියා ගමටම දීපු එළවලු දන්සල
01:05