Empty Ad
AFC Banner
Empty Ad

නීතිඥවරයෙකුගෙන් ලක්ෂ 58ක මුදල් ගැරූ පෙරකදෝරුවා ඇල්ලීමට නියෝග

කැනඩාවේ රැකියා බලපත්‍රයක් ලබාදෙන බව පවසා නීතිඥවරයෙකුගෙන් රුපියල් ලක්ෂ 58ක් වංචා කළ බව කියන නීතිඥවරයා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර අද (11) නියෝග කළා.

2017 වසරේ සිදු වූ සිද්ධියක් සම්බ්නධයෙන් නඩුව කැඳවූ අවස්ථාවේ දී මහේස්ත්‍රාත්වරිය මේ නියෝගය සිදු කළේ.

මෙලෙස අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කරනු ලැබුවේ දැනට කැනඩාවේ පදිංචි බව කියන නීතිඥ අසේල රූපසිංහ නමැති අයෙක්.

නඩුව කැඳවූ අවස්ථාවේ දී වසර 07ක් වැනි කාලයක් ඉක්ම ගොස් තිබියදී ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන නැතැයි අගතියට පත් නීතිඥ අමිල ඉන්දික මාවෙලගෙදර වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සංජිව ඇන්තනි කළ කරුණු දැක්වීමෙන් අනතුරුව ප්‍රධාන සැකකරු අවුරුදු 07ක් ඉක්ම යන තෙක් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් වංචා විමර්ශන කොට්ඨාසයෙන් කරුණු විමසූ මහේස්ත්‍රාත්වරිය නඩුව කෙටි වේලාවකට කල් දමමින් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පොලිසියට දැනුම් දුන්නා.

ඒ අනුව පොලිසිය වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබු අතර සැකකාර නීතිඥවරයා 2011 වසරේ සිට කැනඩා රටේ පදිංචිව සිටින බව කී අගිතියට පත් පාර්ශ්වය වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥවරයා කියා සිටියේ මෙවැනිම මුදල් වංචා සිද්ධි 80ක් පමණ ඇති බවත් රුපියල් කෝටි ගණනක මුදල් වංචාවක් සැකකරුවන් සිදු කර ඇති බවයි.

මේ මුදල් අවස්ථා දෙකක දී සැකකරුගේ ඉල්ලීම පරිදි පලිහක්කාර යන අයෙකුටත් සැකකරුගේ සහෝදරයෙකු වන ඩී. එස්. රූපසිංහ යන අයෙග් ගිණුම්වලටත් බැර කළ බව අගතියට පත් පාර්ශ්වය අධිකරණයට දන්වා සිටියා.

සිද්ධිය සම්බන්ධයෙන් මුදල් තැන්පත් කළ එක් අයෙක් පමණක් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර ඇති බවත් අගතියට පත් පාර්ශ්වය අධිකරණයට දැන්වූවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදා හැර ඇති උපකාරක පන්ති ගුරුවරයෙකු බව කියන එස්. එම්. පලිහක්කාර යන අය අධිකරණයේ පෙනී සිටියා.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කර ඉදිරි දිනයේ දී අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙව්වන්දි ඝාතනය වුණාද ? ඝාතනය කළාද ? සුගීශ්වර මාධ්‍ය හමුවේ ආණ්ඩුව ෆ්ලැට් කරයි
23:17
Video thumbnail
ඇය සතුටින් - දික්කසාදයෙන් පසු හිරුණිකා ප්‍රථම වරට මාධ්‍ය අමතයි #hirunika_premachandra
19:13
Video thumbnail
ආණ්ඩුව ලෙෆ්ට් - පුටුවත් ජනතාව අතරට #slfp
03:18
Video thumbnail
බටලන්ද වාර්තාව කතානායක හඬවයි
03:52
Video thumbnail
ඔක්කොම අය ඉන්න තැන දන්නවලු - කවද්ද මෙයාලා අල්ලගන්නේ ?
04:12
Video thumbnail
ඇල්ල වැල්ලවාය මාර්ගයේ එක් මංතීරුවක් ගමනාගමනයට
00:59
Video thumbnail
ඉස්කෝලෙට ගිය ගමන ගැන ඇහුවම රන්වලට නහුතෙට තදවෙයි
00:59
Video thumbnail
මම ඉස්කෝලෙට ගියේ මට එන්න කියපු නිසා - ගිය ගමන ගැන ඇහුවම රන්වලට නහුතෙට තදවෙයි
06:37
Video thumbnail
ඇල්ල වැල්ලවාය මාර්ගයේ එක් මංතීරුවක් ගමනාගමනයට යලි විවෘත කෙරේ
02:12
Video thumbnail
ආණ්ඩුවේ කෙඳිරි ගෑවිලිවලට මහින්ද බය නෑ - ඉන්දික අනුරුද්ධ ආණ්ඩුව හාන්සි කරවයි
06:48

?