හෙළ සිනමාවේ නිළි රැජින යන විරුධාවලිය ලත් මාලිනී ෆොන්සේකා වෙනුවෙන් පැවැත්වෙන ශෝක යෝජනා විවාදය මේ වනවිට පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙනවා.
මෙම ශෝක යෝජනා විවාදයේ දී අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ මන්ත්‍රී ගයන්ත කරුණාතිලක, මාලිනී ෆොන්සේකා පිළිබඳව බොහෝ දෙනෙක් නොදන්නා කාරණාවක් අද පාර්ලිමේන්තුවේ දී අනාවරණය කළා.
ඒ, මාලිනී ෆොන්සේකා ඉතා දක්ෂ මෝටර් රථ ධාවන ශූරියක් බවයි.
“අද අපි මේ ශෝකය පලකරන මේ සුවිශේෂී චරිතය විටෙක වේදිකා නිළියක්, විටෙක සම්මානනීය චිත්‍රපට සහ ටෙලි නාට්‍ය නිළියක්, විටෙක චිත්‍රපට අධ්‍යක්ෂවරියක්, තවත් විටෙක මේ පාර්ලිමේන්තුව නියෝජනය කළ ගරු මන්ත්‍රීවරියක්, කමවිටම ජනතා ආදරය නොඅඩුව ලබපු ඉතාම නිහතමානී නිළි රැජින ලෙස තමයි අපි හැමදාමත් මාලිනී ෆොන්සේකාව දැක්කේ,ශ්‍රී ලංකාවේ ප්‍රථම කාන්තා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරිය වුනෙත් මාලිනී ෆොන්සේකා මැතිණිය. මාලිනී ෆොන්සේකා මැතිණිය සතුව තවත් සුවිශේෂී දක්ෂතා තිබුණා. මේ සභාවේ කියවුනේ නැති නිසා මම කැමතියි තවත් එක දක්ෂතාවයක් ගැන කියලා මගේ කතාව අවසන් කරන්න.මාලිනී ෆොන්සේකා මැතිණිය ඉතා දක්ෂ මෝටර් රථ ශූරියක් ලෙසත් දක්ෂතා පෙන්නුවා.”





