නිවුන් දරු දෙදෙනාට උපත දී 29 හැවිරිදි මව සියදිවි නසාගෙන

පසුගිය 18 වනදා සිට අතුරුදන්ව සිටි අහුංගල්ල ප්‍රදේශයේ කාන්තාවකගේ මළ සිරුර ඊයේ (20) බලපිටිය, මංකඩ වෙරළ තීරයට ගොඩගසා තිබියදී සොයාගත්තා.

මෙලෙස සොයාගෙන ඇත්තේ නිවුන් දරුවන් දෙදෙනෙකුගේ 29 හැවිරිදි මවක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම කාන්තාව පසුගිය 18 වනදා සිට නිවසින් අතුරුදන්ව ඇති අතර, ඇය මීට දින 09කට ඉහත දී බලපිටිය මූලික රෝහලේ දී නිවුන් දරුවන් දෙදෙනා බිහිකර ඇති බවයි වාර්තා වන්නේ.

සිය බිරිඳ නිවසින් අතුරුදන්ව ඇති බව ඇයගේ ස්වාමීපුරුෂයා විසින් අහුංගල්ල පොලිස් ස්ථානය වෙත පැමිණිලි කර ඇති අතර, සිසේරියන් සැත්කමකින් නිවුන් දරුවන් දෙදෙනා බිහිකිරීම හේතුවෙන් ඇය දැඩි වේදනාවකින් පෙළමින් සිටි බව ද පොලීසියට පවසා තිබෙනවා.

එමෙන්ම නිවස සෝදිසි කිරීමේ දී බිරිඳ විසින් ලියා තිබූ ලිපියක් ද තිබී හමුවූ බව සැමියා පොලිසියට පවසා ඇති අතර, “අධික වේදනාව දරාගන්න බැහැ, මම දිවි හානිකර ගන්නවා” යනුවෙන් එම ලිපියේ සඳහන් කර තිබූ බවත් පොලීසියට පවසා ඇති බව සඳහන්.

මේ අතර වෙරළ තීරයට ගොඩගසා තිබියදී සොයාගත් කාන්තා මළ සිරුර සිය බිරිඳගේ බවට සැමියා විසින් හඳුනාගෙන ඇති අතර, මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා බලපිටිය මූලික රෝහල වෙත යොමු කිරීමට කටයුතු කර තිබෙනවා.

අහුංගල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
28
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21
Video thumbnail
හිස තෙල් ගාන්න පන්සල් ආපු අලියා - අන්තිමට හාමුදුරුවන්ටත් වැඳලා යන්නේ
00:59

?