නිවුන් දරු දෙදෙනාට උපත දී 29 හැවිරිදි මව සියදිවි නසාගෙන

පසුගිය 18 වනදා සිට අතුරුදන්ව සිටි අහුංගල්ල ප්‍රදේශයේ කාන්තාවකගේ මළ සිරුර ඊයේ (20) බලපිටිය, මංකඩ වෙරළ තීරයට ගොඩගසා තිබියදී සොයාගත්තා.

මෙලෙස සොයාගෙන ඇත්තේ නිවුන් දරුවන් දෙදෙනෙකුගේ 29 හැවිරිදි මවක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම කාන්තාව පසුගිය 18 වනදා සිට නිවසින් අතුරුදන්ව ඇති අතර, ඇය මීට දින 09කට ඉහත දී බලපිටිය මූලික රෝහලේ දී නිවුන් දරුවන් දෙදෙනා බිහිකර ඇති බවයි වාර්තා වන්නේ.

සිය බිරිඳ නිවසින් අතුරුදන්ව ඇති බව ඇයගේ ස්වාමීපුරුෂයා විසින් අහුංගල්ල පොලිස් ස්ථානය වෙත පැමිණිලි කර ඇති අතර, සිසේරියන් සැත්කමකින් නිවුන් දරුවන් දෙදෙනා බිහිකිරීම හේතුවෙන් ඇය දැඩි වේදනාවකින් පෙළමින් සිටි බව ද පොලීසියට පවසා තිබෙනවා.

එමෙන්ම නිවස සෝදිසි කිරීමේ දී බිරිඳ විසින් ලියා තිබූ ලිපියක් ද තිබී හමුවූ බව සැමියා පොලිසියට පවසා ඇති අතර, “අධික වේදනාව දරාගන්න බැහැ, මම දිවි හානිකර ගන්නවා” යනුවෙන් එම ලිපියේ සඳහන් කර තිබූ බවත් පොලීසියට පවසා ඇති බව සඳහන්.

මේ අතර වෙරළ තීරයට ගොඩගසා තිබියදී සොයාගත් කාන්තා මළ සිරුර සිය බිරිඳගේ බවට සැමියා විසින් හඳුනාගෙන ඇති අතර, මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා බලපිටිය මූලික රෝහල වෙත යොමු කිරීමට කටයුතු කර තිබෙනවා.

අහුංගල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

  1. PAWU. BABALA LABUNAMA AMMALA BOHO DENEKUTA ENA DEYAK THAMAYI DEPRESSION. VISHADAYA NOHOTH MANASIKA AWA PEEDANAYA. DARUWA LABENNA APU DAWASE INDHAN HITHAPU DEWAL, WINDHA WEDHANA, ANAGATHAYA GENA BALAPOROTHTHU, WISHMAYA, KUTHUHAYA MEWA OKKOMA DARUWA LABUNA GAMAN EYI SAREMA MANASIN EKA PARAMA MAKEE IWATH WEE GIHIN MANASA HIS WENAWA. EYI EKKAMA MANASATA ENNE DAN KOHOMADHA DARUWAGE WEDA KARANNE, THAMUNG WEDHANA AMARUKAM, GEDARA WEDA KARANNE KOHOMA DHA, HUSBAND EKKA INNE KOHOMA DHA, NIDAHASE INNA IDAK NATHI BAWA THERUM YANAWA, WEDA WADI UNABAWA DANENAWA. ANNA EKA THAMAYI DEPRESSION KIYANNE. DIYUNU RATWALA WENAMA MEDICAL UNIT THIYENAWA MEHEMA AMMALA PRAKURTHIMATH KARANNA. SAMAHARU MEKA WADI UNAMA PISSU HADENAWA, BADU POLOWE GAHANWA, MINISSU EKKA RANDU WENAWA, MINEE MARANWA, THAMUN MRENAWA.