AFC Banner
Empty Ad
Empty Ad

නිවසක් කඩා වැටීමෙන් එකම පවුලේ සිව් දෙනෙකු ජීවිතක්ෂයට

දකුණු ඉතාලියේ ගෑස් පිපිරීමකින් කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු එකම පවුලේ සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

නේපල්ස් අසල සැවියානෝ නගරයේ පිහිටි ඔවුන්ගේ දෙමහල් නිවස පිපිරීමෙන් මෙම අනතුර සිදුව තිබුණා.

මෙහිදී එක් පුද්ගලයෙකු සහ අලුත් උපන් බිළිඳෙකු ජීවතුන් අතර සිටියදී සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම පුද්ගලයා බරපතළ තත්ත්වයෙන් නේපල්ස් හි රෝහලක රැඳී සිටින අතර, දරුවාගේ ශරීරයේ තුවාලද දක්නට ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?