නිවසකට බලෙන් රිංගා ලක්ෂ ගණනින් මුදල් කොල්ලකෑ පොලිස් නිලධාරීන්ට ඇප

කොළඹ බ්ලූ මැන්ඩල් ප්‍රදේශයේ නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වී එහි නිවැසියන් බිය ගන්වා රුපියල් ලක්ෂ 14ක මුදලක් සොරාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පොලිස් නිලධාරීන් සිව්දෙනා රුපියල් ලක්ෂ 07 බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා අද (19) නියෝග කළා..

මෝදර පොලිසියේ සේවයෙහි නියුතුව සිටි බව කියන සැරයන්වරයෙකු හා පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකු මෙලෙස ඇප මත මුදා හැරීමටයි අධිකරණය නියෝග කළේ.

සැකකාර පොලිස් නිලධාරීන් සිව්දෙනා ඊයේ හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කළ අතර එහිදී පළමු වන සාක්ෂිකරු විසින් සැකකරුවන් දෙදෙනෙකු ද දෙවන සාක්ෂිකරු විසින් සැකකරුවන් සිව් දෙනෙකු ද, තෙවන සාක්ෂිකරු විසින් සැකකරුවන් තිදෙනෙකු ද සිව්වන සාක්ෂිකරු විසින් සැකකරුවන් තිදෙනෙකු ද හඳුනාගනු ලැබුවා.

සැකකාර පොලිස් නිලධාරීන් සතුව තිබී සොයාගන්නා ලද රුපියල් එකොළොස් ලක්ෂ අනූ හතර දහසක මුදලක් බැඳුම්කරයක් මත පැමිණිලිකරුට ලබාදෙන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

සෙසු ඉතිරි මුදල් පැමිණිලිකරුවන්ට ලබාදීමට අදාළ කරුණු ඊළඟ නඩු වාරයේ දී අධිකරණයට ඉදිරිපත් කරන බව ද සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ සංජය ගමගේ මහතා අධිකරණයට දන්වා තිබෙනවා.

නිවසේ හිමිකරුවන් මෝදර පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

පැමිණිලිකාර පාර්ශ්වය වෙනුවෙන් ජේෂ්ඨ නීතිඥ දිනේෂ් ගොඩගම හා නිසංසලා දිසානායක මහත්මිය පෙනී සිටියා.

සැකකාර පොලිස් නිලධාරීන් සිව්දෙනා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ සංජය ගමගේ මහතා පෙර නඩු වාරයේදී අධිකරණය හමුවේ කියා සිටියේ ඉකුත් පහළොස් වැනි දින පස්වරුවේ සැකකාර නිලධාරීන් සිව්දෙනා වැටලීම් කටයුත්තක් සඳහා එම නිවසට ගොස් පසුව පොලිසිය වෙත පැමිණ ඇති නමුත් ඔවුන් එවැනි සොරකමකට සම්බන්ධව නොමැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ ආණ්ඩුවේ තරම් කිසිම කාලේක මාධ්‍යට නිදහසක් තිබුණේ නෑ
05:24
Video thumbnail
"කැක්කුම" සංවිධානයෙන් පැලවත්තට ඖෂධ තොගයක්..
03:03
Video thumbnail
ගම්මන්පිල ආණ්ඩුව ගැන සොහොන් ලකුණු කියයි..පාලනය තිබ්බත් ඒක අංශභාග පාලනයක් මිස සැබෑ පාලනයක් නෙවෙයි
05:48
Video thumbnail
"අනුර කුමාර, අපි හැප්පිලාම බලමු..ඔයා ගෞරවාන්විතව ආණ්ඩුව දීලා ගෙදර යන්න"
02:37
Video thumbnail
ගම්මන්පිල හොඳම එකෙන් දෙසයි..අද රටේ පාලකයා අනුර දිසානායකද හිට්ලර් දිසානායකද?
06:42
Video thumbnail
මන්ත්‍රී ශාන්තගේ සිද්ධිය සම්පූර්ණයෙන්ම සැලසුම් සහගතව කරපු වැඩක්..ඒකාධිපති පාලනය මීට වඩා හොඳයි
04:17
Video thumbnail
චමල් සංජීව හදිස්සියේම අල්ලස් කොමිසමට ඇවිත් මාධ්‍යයට වීඩියෝවක් ලීක් කරයි
13:09
Video thumbnail
Kasthirama | "ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත් කෙටුම්පතට ඇයි කලබල ? " - කස්තිරම විශේෂ වැඩසටහන
01:25:01
Video thumbnail
පෞද්ගලික ඉඩමකින් මතුවූ නිසල වනඅලි සිරුර..පපුවේ කිසිම තෙත් ගතියක් නැති මිනිස්සු ඉන්නේ
01:28
Video thumbnail
රංචු පිටින් ඉන්නේ කවුද බලන්නකෝ..ඩෝන කැමරාවේ සටහන් වූ දර්ශන මෙන්න
01:35


?