අනියම් සම්බන්ධතාවයක් මුල් කරගෙන ගැටුමක් ඇති කරගත් බව කියන අඹුසැමි යුවළක් සහ කාන්තාවක් මාදම්පේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කුරුණෑගල ප්‍රදේශයේ පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරියක් වන 45 හැවිරිදි කාන්තාවක් විසින් ඊයේ (15) සිදුකළ පැමිණිල්ලක් අනුවයි මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ.
මාතලේ ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජාතිකයෙකු සමඟ මාදම්පේ පදිංචි සිංහල ජාතික තරුණියක් විවාහ වී ඇති අතර, අනතුරුව තම සැමියාව මාදම්පේ, ජයබිම ප්‍රදේශයේ නිවසට කැඳවාගෙන විත් එහි නරත කර ගැනීමට එම කාන්තාව කටයුතු කර තිබෙනවා.
මේ අතර කුරුණෑගල, මාරළුවාම ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි කාන්තාවක් ඊයේ (15) මාදම්පේ ප්‍රදේශයට පැමිණ තමා අනියම් සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගිය පුද්ගලයෙක් සම්බන්ධයෙන් සොයා බලා ඇති බව සඳහන්.
අනතුරුව එම කාන්තාව මාදම්පේ, ජයබිම ප්‍රදේශයේ පිහිටි තරුණියගේ නිවසට ගොස් ඇති අතර, එම අවස්ථාවේ දී නිවසේ සිටි බව කියන මුස්ලිම් ජාතිකයාට සහ තරුණියට පහර දී ඇති බවයි වාර්තා වන්නේ.
පසුව කුරුණෑගල සිට පැමිණි අදාළ කාන්තාව තම අනියම් සැමියා සහ ඇයගේ වත්මන් බිරිද තමන්ට පහර දුන් බවට මාදම්පේ පොලීසියට පැමිණිලිකර තිබෙනවා.
අනතුරුව මාදම්පේ පොලිසිය විසින් මෙම සිද්ධියට සම්බන්ධ තිදෙනාව ම අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.