නියෝජ්‍ය විදුහල්පති අනියම් බිරිඳ නිවසට ම ඇවිත් අඹුසැමි යුවළට ගුටි දීලා

අනියම් සම්බන්ධතාවයක් මුල් කරගෙන ගැටුමක් ඇති කරගත් බව කියන අඹුසැමි යුවළක් සහ කාන්තාවක් මාදම්පේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කුරුණෑගල ප්‍රදේශයේ පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරියක් වන 45 හැවිරිදි කාන්තාවක් විසින් ඊයේ (15) සිදුකළ පැමිණිල්ලක් අනුවයි මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ.

මාතලේ ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජාතිකයෙකු සමඟ මාදම්පේ පදිංචි සිංහල ජාතික තරුණියක් විවාහ වී ඇති අතර, අනතුරුව තම සැමියාව මාදම්පේ, ජයබිම ප්‍රදේශයේ නිවසට කැඳවාගෙන විත් එහි නරත කර ගැනීමට එම කාන්තාව කටයුතු කර තිබෙනවා.

මේ අතර කුරුණෑගල, මාරළුවාම ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි කාන්තාවක් ඊයේ (15) මාදම්පේ ප්‍රදේශයට පැමිණ තමා අනියම් සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගිය පුද්ගලයෙක් සම්බන්ධයෙන් සොයා බලා ඇති බව සඳහන්.

අනතුරුව එම කාන්තාව මාදම්පේ, ජයබිම ප්‍රදේශයේ පිහිටි තරුණියගේ නිවසට ගොස් ඇති අතර, එම අවස්ථාවේ දී නිවසේ සිටි බව කියන මුස්ලිම් ජාතිකයාට සහ තරුණියට පහර දී ඇති බවයි වාර්තා වන්නේ.

පසුව කුරුණෑගල සිට පැමිණි අදාළ කාන්තාව තම අනියම් සැමියා සහ ඇයගේ වත්මන් බිරිද තමන්ට පහර දුන් බවට මාදම්පේ පොලීසියට පැමිණිලිකර තිබෙනවා.

අනතුරුව මාදම්පේ පොලිසිය විසින් මෙම සිද්ධියට සම්බන්ධ තිදෙ‍නාව ම අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30