Empty Ad
AFC Banner
Empty Ad

නියෝජ්‍ය ආරක්‍ෂක ඇමති සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සංචාරයක

නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය ධුරයේ වැඩ භාර ගැනීමෙන් පසු සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ තම ප්‍රථම නිල සංචාරය සිදු කරමින් නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය (විශ්‍රාමික) මේජර් ජෙනරල් අරුණ ජයසේකර පසුගිය (11 වැනිදා) මොරටුවේ පිහිටි සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත පැමිණියා.

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් (විශ්‍රාමික) මේජර් ජෙනරල් පාලිත ප්‍රනාන්දු විසින් නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා පිළිගනු ලැබුවා.

ඉන් අනතුරුව සිවිල් ආරක්‍ෂක බලකයේ අධ්‍යක්‍ෂකවරුන් හා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවේ දී, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ඉදිරි සැලසුම් සහ එහි රාජකාරීන් පිළිබඳව අමාත්‍යවරයාව දැනුවත් කිරීමක් සිදු කරන ලද අතර, අනතුරුව පැවති සිවිල් ආරක්‍ෂක දෙපාර්තුමේන්තුවේ රාජකාරීන් හි නියුතු සාමාජිකයින් අමතමින් වැඩබලන ආරක්‍ෂක අමාත්‍යවරයා රටේ සංවර්ධනයට සහ ආර්ථිකයට ඔවුන් දක්වන දැවැන්ත දායකත්වය පිළිබඳ ඇගයීමක් සිදු කෙරුණා.

සහයෝගීතාව, එකමුතුකම සහ විනිවිදභාව පෙරදැරී කරගනිමින් මහජන අපේක්‍ෂාවන් ඉටු කිරීම උදෙසා වන රජයේ වැඩපිළිවෙළ සමඟ ඉදිරියට යාමට අප සියලුදෙනා පුරවැසියන් සහ මහජන සේවකයින් ලෙස සියලු භේද නොතකා කටයුතු කිරිමේ වැදගත්කම මුලස්ථානයේ සිටි සියලුම කාර්ය මණ්ඩලය අමතමින් අවධාරණය කළ අමාත්‍යයවරයා ‘Clean Sri Lanka’ වැඩසටහනේ අභිමතාර්ථ සාක්ෂාත් කරගනිමින් ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ‘සුවහසක් ශ්‍රී ලාංකික ජනතාවට උරුමකර දීමට ප්‍රායෝගිකව පිළිවෙතින් පෙළ ගැසීම ස්වකීය සේවා කාර්යභාරයට ඇතුළත් කර ගැනීම යෝග්‍ය බව ද, සියලු දෙනා හමුවේ ප්‍රකාශ කර ඇති බවයි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ.

නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා මෙම සංචාරය අතරතුර සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ පැවති සියළු නිළ තේ පැන් සංග්‍රහයකට සහභාගි වෙමින් එහි සමාජිකයින් සමඟ සුහඳ කතාබහක නිරත වූ අතර, සිවිල් ආරක්‍ෂක බලකායේ අධ්‍යක්‍ෂක ජෙනරාල්වරයාගේ කාර්යාලයේදී ඔහු සමඟ අනෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සාකච්ඡාවකද, නිරත විය.

අමාත්‍යවරයාගේ සංචාරය සංකේතවත් කරමින් මෙම අවස්ථාවේ සමරු තිළිණ හුවමාරුවක්ද, සිදු වූ අතර උත්සව කටයුතු අවසානයේ අමුත්තන්ගේ පොතේ සටහනක් තබමින් එම බළකාය ඇගයීමට ලක් කිරීමටද, නියෝජ්‍ය ආරක්‍ෂක අමත්‍යවරයා කටයුතු කරන ලදි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 ලංකාවට එන ක්‍රිකට් වසන්තය මෙන්න
08:03
Video thumbnail
රාමසාන් ඉෆ්තාර් උත්සවය මාර්තු මස 27වන බ්‍රහස්පතින්දා පැවැත්වේ
00:26
Video thumbnail
PRAHARAYA|තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහභාගී වන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:29:34
Video thumbnail
රටක ඇමති කෙනෙක් වෙන්න සුදුසුකමක් තියෙන්න ඕන
10:23
Video thumbnail
අපි මේ මාස ටිකට කරපු දේවල් ඔයාලට හිතා ගන්නවත් බෑ - ඇමතිලා පොලේ යනවා දැකලම නැත්ද නාමල්
08:04
Video thumbnail
තරුණ කටයුතු ඇමතිට විහිළු කළාට ඇමති දීපු උත්තරේ
04:41
Video thumbnail
පිටසක්වල ජීවින් එනවා කියන බඩු නේ මේ - සජබේ නයනක දෙනවා දීමක් ඇප නැති වෙන්න
18:06
Video thumbnail
චන්දන සූරියබණ්ඩාර සුපිරි කතාවක් කරයි
03:19
Video thumbnail
ලොකු හාමුදුරුවෝ ඝා#නය කරයි - සංවේදී දර්ශන ඇති බව සලකන්න
03:03
Video thumbnail
කොන්ද පණ නැති ආණ්ඩුවක් මේ ආණ්ඩුව - හාමුදුරුවෝ මාධ්‍ය හමුවේ ආණ්ඩුවට දෙසයි
12:43

?