නිධන් හෑරූ DIG බිරිඳ ඇතුළු පිරිසක් රිමාන්ඩ්

නිධානයක් ගොඩගැනීමට කැනීම් කරමින් සිටිය දී අත්අඩංගුවට ගත් කොළඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ බිරිඳ ඇතුළු 08 දෙනෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ, අදාළ සැකකරුවන් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.

මෙම සැකකරුවන් පිරිස අනුරාධපුර, ශ්‍රාවස්තිපුර, තිඹිරිගස්කඩවල ප්‍රදේශයේ නිධානයක් ගොඩගැනීම කැනීම් කටයුත්තක් සිදුකරමින් සිටිය දී ඊයේ (14) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබුණා.

අනුරාධපුර පොලිසිය විසින් සිදුකළ මෙහෙයුක දී මොවුන් පිරිස අත්අඩංගුවට ගැනුණු අතර, එහිදී නිධන් හෑරීමට භාවිත කළ උපකරණ කිහිපයක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
15
+1
2
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?