AFC Banner
Empty Ad

නිදි යහනේදීම මරු තුරුලට ගිය මාස දෙකක් වයසැති පුංචි සිතුම්

මූන්දලම දේවාල හන්දිය ප‍්‍රදේශයේ නිවසක නිදියහනේ සිටි බිළිඳෙකුට පත්තෑයකු දෂ්ට කිරීමෙන් ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි පල්ලම පොලිසිය පවසයි.

මෙලෙස අවාසනාවන්ත අන්දමින් මියගොස් ඇත්තේ මූන්දලම, අගුණවිල, දේවාල හන්දියේ පදිංචිව සිටි මිරිසගේ සිතුම් දිලූම් සචිත‍්‍ර නමැති මාස 2 යි දින 20 ක් වයසැති බිළිඳෙකි.

මරණයට පත් බිළිඳා සිය මව සහ වැඩිමහල් සහෝදරියන් දෙදෙනා සමග එකම ඇඳේ නිදාසිට තිබේ. මව අලූයම අවදි වී බැලීමේදී සිය බිළිඳාගේ නිහඬතාව හේතුවෙන් දරුවා ව පරීක්‍ෂා කර ඇත. එහිදී දරුවාගේ වම් අතේ මහපටැඟිල්ලේ සිට උරහිස දක්වාත්, පිට පුරාත් සතකු සූරා ඇති අයුරු දක්නට තිබී ඇත. දරුවාගේ ශරීරයද සීතල වී තිබූ බැවින් එම දෙමාපියන් වහාම බිළිඳාව මූන්දලම රෝහලට ගෙන යනු ලැබූහ.

එහිදී බිළිඳාව පරීක්‍ෂා කර ඇති වෛiවරුන් බිළිඳා මියගොස් ඇති බව දෙමාපියන්ට පවසා තිබේ.

අනතුරුව බිළිඳාගේ පියා නිවසට පැමිණ බිළිඳා නිදා සිටි ඇඳ පරීක්‍ෂා කර බැලීමේදී එහි තරමක් විශාල පත්තෑයකු සිටියදී හමුවී තිබේ.

මියගිය බිළිඳාට දෙපසින් ඔහුගේ වැඩිමල් සොයුරියන් දෙදෙනා ඇඳේ නිදා සිට ඇතත්, එම වැඩිමහල් සොයුරියන් දෙදෙනාගෙන් කිසිවකුටත් එම පත්තෑයා දෂ්ට කර නැතැයි හෙළිවූ බවද පොලිසිය කියයි.

මියගිය බිළිඳාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය හලාවත රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වික‍්‍රමාරච්චි මහතා විසින් සිදු කරනු ලැබීය.

මේ පිළිබඳව පල්ලම පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ගාමිණී සිරිවර්ධන මහතාගේ උපදෙස් මත පොලිස් කොස්තාපල් ප‍්‍රදීප් (79661* වැඩිදුර පරීක්‍ෂණ සිදු කරති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?