නිදි යහනේදීම මරු තුරුලට ගිය මාස දෙකක් වයසැති පුංචි සිතුම්

මූන්දලම දේවාල හන්දිය ප‍්‍රදේශයේ නිවසක නිදියහනේ සිටි බිළිඳෙකුට පත්තෑයකු දෂ්ට කිරීමෙන් ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි පල්ලම පොලිසිය පවසයි.

මෙලෙස අවාසනාවන්ත අන්දමින් මියගොස් ඇත්තේ මූන්දලම, අගුණවිල, දේවාල හන්දියේ පදිංචිව සිටි මිරිසගේ සිතුම් දිලූම් සචිත‍්‍ර නමැති මාස 2 යි දින 20 ක් වයසැති බිළිඳෙකි.

මරණයට පත් බිළිඳා සිය මව සහ වැඩිමහල් සහෝදරියන් දෙදෙනා සමග එකම ඇඳේ නිදාසිට තිබේ. මව අලූයම අවදි වී බැලීමේදී සිය බිළිඳාගේ නිහඬතාව හේතුවෙන් දරුවා ව පරීක්‍ෂා කර ඇත. එහිදී දරුවාගේ වම් අතේ මහපටැඟිල්ලේ සිට උරහිස දක්වාත්, පිට පුරාත් සතකු සූරා ඇති අයුරු දක්නට තිබී ඇත. දරුවාගේ ශරීරයද සීතල වී තිබූ බැවින් එම දෙමාපියන් වහාම බිළිඳාව මූන්දලම රෝහලට ගෙන යනු ලැබූහ.

එහිදී බිළිඳාව පරීක්‍ෂා කර ඇති වෛiවරුන් බිළිඳා මියගොස් ඇති බව දෙමාපියන්ට පවසා තිබේ.

අනතුරුව බිළිඳාගේ පියා නිවසට පැමිණ බිළිඳා නිදා සිටි ඇඳ පරීක්‍ෂා කර බැලීමේදී එහි තරමක් විශාල පත්තෑයකු සිටියදී හමුවී තිබේ.

මියගිය බිළිඳාට දෙපසින් ඔහුගේ වැඩිමල් සොයුරියන් දෙදෙනා ඇඳේ නිදා සිට ඇතත්, එම වැඩිමහල් සොයුරියන් දෙදෙනාගෙන් කිසිවකුටත් එම පත්තෑයා දෂ්ට කර නැතැයි හෙළිවූ බවද පොලිසිය කියයි.

මියගිය බිළිඳාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය හලාවත රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වික‍්‍රමාරච්චි මහතා විසින් සිදු කරනු ලැබීය.

මේ පිළිබඳව පල්ලම පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ගාමිණී සිරිවර්ධන මහතාගේ උපදෙස් මත පොලිස් කොස්තාපල් ප‍්‍රදීප් (79661* වැඩිදුර පරීක්‍ෂණ සිදු කරති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පුනානි ප්‍රදේශයේ කසල බැහැර කරන ස්ථානය නිසා අලින්ට අත්වී ඇති ඉරණම - ජීවිත දැඩි අවදානමක
00:51
Video thumbnail
නිදන් සොයා කැනීම් කරමින් සිටි දෙදෙනකු උපකරණ එක්ක කුදලන් එයි
00:50
Video thumbnail
නුවරඑළියේ පෝනින් නිසා අනතුරු රැල්ලක් - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
00:41
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56