නිදි පැදුරේම පුද්ගලයෙක් ඝාතනය කරලා (ඡායාරූප)

නිවසේ නිදා සිටි පුද්ගලයෙක් ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාදම්පේ පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

පොලිසිය සැකපළ කරන්නේ අද (13) අලුයම් කාලයේ මෙම ඝාතනය සිදුව ඇති බවයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මාදම්පේ, සුදුවැල්ල, පැලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 35ක පුද්ගලයෙක්.

මෙම පුද්ගලයා නිවස තුළ බිම නිදාගෙන සිටිය දී කිසියම් පුද්ගලයෙක් විසින් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබුණා.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මාදම්පේ පොලීසිය විමර්ශන පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
4
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?