නිදියහන මත සිටි පුද්ගලයෙක් ගිනි ඇවිලී ජීවිතක්ෂයට (ඡායාරූප)

ගින්නකට හසුවීමෙන් නිවසක ඇදක් මත මිය ගොස් සිටි ආබාධිත පුද්ගලයෙකුගේ මරණය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව හලාවත පොලීසිය පවසනවා.

ඊයේ (27) මෙලෙස මිය ගොස් ඇත්තේ හලාවත, ඉලිප්පදෙණිය, මල්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 49ක පුද්ගලයෙක්.

මෙම පුද්ගලයා මීට වසර 02 කට පමණ පෙර ආබාධිත තත්ත්වයට පත්ව ඇති අතර, එතැන් සිට ඔහු සිය වැඩිමහල් සහෝදරිය සමඟ ජීවත්ව ඇති අතර, බිරිඳ සහ දරුවන් දෙදෙනා ඔහු අතහැර ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

සහෝදරිය කිසියම් අවශ්‍යතාවයකට නිවසින් බැහැරට ගොස් තිබූ අවස්ථාවක මෙම ගිනි ගැනීම සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

කිසියම් හේතුවකින් ඔහු සිටි ඇදට ගිනි ඇවිලීමෙන් මරණය සිදුවන්නට ඇති බවයි පොලීසිය සැකපළ කරන්නේ.

මෙලෙස ගින්න හටගැනීමට හේතුව විදුලිය කාන්දුවීමක් ද එසේත් නැත්නම් වෙනත් හේතුවක් නිසා ද යන්න තවමත් අනාවරණය වී නැහැ.

හලාවත පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21