නිදහස් පක්ෂයේ හිනිදුම ආසන සංවිධායක ඝාතනය කෙරේ

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික්කයේ හිනිදුම ආසන සංවිධායක ලෙස කටයුතු කළ සම්පත් ගමගේ නැමැත්තා පහර දී ඝාතනය කර තිබෙනවා.

ඔහු පදිංචිව සිටි හෝමාගම, පනාගොඩ සමඟි මාවතේ පිහිටි නිවසේ දී මෙම ඝාතනය සිදුකර ඇති බවයි මීගොඩ පොලිසිය පැවසුවේ.

මෙම පුද්ගලයා අනියම් සම්බන්ධයක් පැවැත් වූ කාන්තාවක් විසින් දින කිහිපයකට පෙර ඔහුව ඝාතනයට කරන බවට දුරකථන පණිවුඩයක් ඒවා ඇති බවට කරුණු අනාවරණය වූ බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

ඝාතනයට ලක් වූ පුද්ගලයා අද (17) පනාගොඩ නිවසේ රැඳී සිටිය දී ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයෙකු මුගුරකින් හිසට පහර දී සති බවට තොරතුරු වාර්තා වනවා.

පහර කෑමෙන් බරපතල තුවාල ලැබූ ඔහු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ඝාතනය සිදුකළ සැකකරු මෙතෙක් හදුනා ගෙන නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මීගොඩ පොලිසියේ අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ පවත්වනවා.

ඝාතනයට ලක් වූ පුද්ගලයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හින්ඳුම ආසනයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස කටයුතු කර, සති දෙකකට පමණ පෙර සමගි ජන බලවේගය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහාය පළකිරීමට කටයුතු කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
8
+1
33
+1
2
+1
9
+1
1
+1
7
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?