නිදහස් දිනය සමරන්නේ අලුත් නිදහසක් පිළිබඳ වූ බලාපොරොත්තුවෙන් – අගමැති

78 වන ජාතික නිදහස් දිනය සමරන්නේ අලුත් නිදහසක් පිළිබඳ වූ බලාපොරොත්තුවෙන් බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.

78 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ඇය මේ බව සඳහන් කර තිබෙනවා.

සියලු ජනතාව එක් ව ගොඩනැගූ මහජනතාවගේ ආණ්ඩුවක් සමඟ අපි මේ වනවිට අලුත් මඟකට අවතීර්ණ වී ඇති බවද අග්‍රාමාත්‍යවරිය එම පණිවුඩය මඟින් පෙන්වා දෙනවා.

අග්‍රාමාත්‍යවරිය විසින් නිකුත් කළ සම්පූර්ණ නිදහස් දිනය පණිවුඩය පහතින්,

”78 වන ජාතික නිදහස් දිනය සමරන්නේ අලුත් නිදහසක් පිළිබඳ වූ බලාපොරොත්තුවෙනි. සියලු ජනතාව එක් ව ගොඩනැගූ මහජනතාවගේ ආණ්ඩුවක් සමඟ අපි මේ වනවිට අලුත් මඟකට අවතීර්ණ වී සිටිමු.

මානුෂීය ගුණාංගවලින් පිරිපුන්, කුසලතා පූර්ණ, බුද්ධිමත් අනාගත පරපුර උදෙසා අප දේශය ගොඩනැගීමේ කාර්යය මේ වනවිට රජය ආරම්භ කර තිබේ. සාරධර්මවලින් පිරි ශ්‍රී ලාංකීය ජාතියක් ගොඩනැගීමට පුද්ගලිකවත්, සාමුහිකවත් ඔබ සැමගේ දායකත්වය මව්බිම වෙනුවෙන් ලබා දිය යුතු කාලය එළැඹ ඇත.

සවිමත් ආර්ථිකමය පදනමක් මත රට ස්ථාවර කිරීම, නව දේශපාලන සංස්කෘතියක් හරහා දේශපාලනය හා දේශපාලනඥයා පිළිබඳ වූ නව පරමාදර්ශයක් වෙනුවෙන් කැපවීම, ජාතිවාදයෙන් හා ආගම්වාදයෙන් තොරව අනෙකා දෙස සමානාත්මතාවයෙන්, ගෞරවනීය හා සහකම්පනීය ලෙස ජනතාව මෙහෙයවීම, ග්‍රාමීය දුප්පත්කම තුරන් කිරීම ඇතුළු ප්‍රමුඛ පරමාර්ථ ඉටුකර ගැනීම වෙනුවෙන් අපි කැපවී සිටිමු.

අවදානමට ලක් වූ හා ලක් විය හැකි කිසිදු පුරවැසියෙක් මඟ නොහැරෙන පරිදි අත්‍යවශ්‍ය සමාජ කණ්ඩායම් වෙත ප්‍රවේශය සහතික කරන සුබසාධන යාන්ත්‍රණ සැකසීමත්, නවීන විද්‍යා හා තාක්ෂණ දියුණුව ඔස්සේ ආර්ථිකය ඩිජිටල්කරණය කිරීමට අවැසි මුල් පියවර තැබීමට කටයුතු කරමින් ලෝකයේ සියලු රටවල් හා ජාතීන් සමඟ වඩා විශ්වසනීය ලෙස ගනුදෙනු කළ හැකි නොබැඳි විදෙස් ප්‍රතිපත්තියක් සහිත රටක් ලෙස ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ ශ්‍රී ලංකාව සන්නාමගත කිරීම කෙරෙහි ද රජයේ අවධානය යොමුව ඇත.

මේ සඳහා පටු දේශපාලන අරමුණු පසෙකලා සමස්ත ජාතියේ උන්නතිය වෙනුවෙන් අපි සියලුදෙනාම අත්වැල් බැඳගත යුතු යුගය ඇරඹී තිබේ. ඒ වෙනුවෙන් සියලු ශ්‍රී ලාංකික ජනතාව වඩා ශක්තිමත්ව හා විශ්වාසයෙන් යුතුව පෙළගැසෙන ලෙසත්, පුනරුද යුගය සඳහා වන සාමුහික ඇරඹුමට එක්වන ලෙසත්, 78 වන ජාතික නිදහස් දිනය සමරන මෙම අවස්ථාවේ දී මුළුමහත් ශ්‍රී ලාංකික ජනතාවට මම ආරාධනා කර සිටිමි.”යැයි අග්‍රාමාත්‍යවරිය සිය පණිවුඩයේ සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44