නිදහස් දිනයට සමගාමීව යුද හමුදාවේ 8,514 කට උසස්වීම්

74 වන ජාතික නිදහස් දිනයට සමගාමීව යුද හමුදාවේ නිලධාරීන් සහ සෙසු නිලයන් 8514 කට සේනාධිනායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් උසස්වීම් පිරිනමා තිබෙනවා.

ඒ අනුව යුද හමුදා නිලධාරීන් 480 දෙනෙකු සහ සෙසු නිලයන් 8,034 කට මීළග නිලය දක්වා උසස්වීම් හිමිවන බවයි ශ්‍රී ලංකා යුධ හමුදාව නිවේදනය කලේ.

මේ අනුව ජ්‍යෙෂ්ඨ බ්‍රිගේඩියර්වරුන් 07 දෙනෙකු මේජර් ජනරාල් නිලයටත් / කර්නල්වරුන් 16 දෙනෙකු බ්‍රිගේඩියර් නිලයටත් / ලූතිතන් කර්නල්වරුන් 36 ක් කර්නල් නිලයටත් උසස් වනු ඇති.

මේජර්වරුන් 50 දෙනෙකු ලූතිතන් කර්නල් නිලයටත් / කපිතාන්වරුන් 207 දෙනෙකු මේජර් නිලයටත් / ලූතිතන්වරුන් 94 දෙනෙකු කපිතාන් නිලයට සහ දෙවන ලූතිතන්වරුන් 70 දෙනෙකු ලූතිතන් නිලයටත් යනාදී වශයෙන් යුද හමුදාවේ නිලධාරින් 480 දෙනාට උසස්වීම් ලබා දී තිබෙනවා.

2019 වසරේ සිට මේ දක්වා යුද හමුදා නිලධාරින් 4341 දෙනෙකු සහ සෙසු නිලයින් 86 දහස් 741 දෙනෙකුට නිල උසස්වීම් ලබා දී ඇති බවද යුද හමුදාව වැඩිදුරටත් සඳහන් කලා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?