නිදහස් දිනයට සමගාමීව යුද හමුදාවේ 8,514 කට උසස්වීම්

74 වන ජාතික නිදහස් දිනයට සමගාමීව යුද හමුදාවේ නිලධාරීන් සහ සෙසු නිලයන් 8514 කට සේනාධිනායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් උසස්වීම් පිරිනමා තිබෙනවා.

ඒ අනුව යුද හමුදා නිලධාරීන් 480 දෙනෙකු සහ සෙසු නිලයන් 8,034 කට මීළග නිලය දක්වා උසස්වීම් හිමිවන බවයි ශ්‍රී ලංකා යුධ හමුදාව නිවේදනය කලේ.

මේ අනුව ජ්‍යෙෂ්ඨ බ්‍රිගේඩියර්වරුන් 07 දෙනෙකු මේජර් ජනරාල් නිලයටත් / කර්නල්වරුන් 16 දෙනෙකු බ්‍රිගේඩියර් නිලයටත් / ලූතිතන් කර්නල්වරුන් 36 ක් කර්නල් නිලයටත් උසස් වනු ඇති.

මේජර්වරුන් 50 දෙනෙකු ලූතිතන් කර්නල් නිලයටත් / කපිතාන්වරුන් 207 දෙනෙකු මේජර් නිලයටත් / ලූතිතන්වරුන් 94 දෙනෙකු කපිතාන් නිලයට සහ දෙවන ලූතිතන්වරුන් 70 දෙනෙකු ලූතිතන් නිලයටත් යනාදී වශයෙන් යුද හමුදාවේ නිලධාරින් 480 දෙනාට උසස්වීම් ලබා දී තිබෙනවා.

2019 වසරේ සිට මේ දක්වා යුද හමුදා නිලධාරින් 4341 දෙනෙකු සහ සෙසු නිලයින් 86 දහස් 741 දෙනෙකුට නිල උසස්වීම් ලබා දී ඇති බවද යුද හමුදාව වැඩිදුරටත් සඳහන් කලා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴වත්මන් කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව..
26:26
Video thumbnail
මහින්දගේ කාලයේ හදපු පාලමක්.."අපේ ඇදේ තියෙන්නේ මීට වඩා හොඳ ලී"මේ පාලම දිරලා
03:17
Video thumbnail
සනත් නිශාන්තගේ සොහොයුරා හැඬූ කඳුලින් වසර පහ හමාරකට සිපිරිගෙට ගිය හැටි
01:16
Video thumbnail
මේවා මොල නෙවෙයි මොල ගෙනාපු නැව්නේ..මුදල් විතරක් නෙවෙයි කෑමත් උස්සපු සොරදෙටුවා
03:16
Video thumbnail
සජිත් කුපිත වී කට උත්තර නැතිවෙන්න කියයි..බොරුවෙන් ආණ්ඩු කරන්න එපා..බොරු දත්ත තියෙන්නේ
06:43
Video thumbnail
කාසිංගමට ගිය සජිත් හිනාවේවි අහපු දේ.."පිස්සුනේ..මාසයක් තියා සතියක් කන්න බෑනේ"
02:25
Video thumbnail
DV චානක කොමිසමට කළ ඇස් උඩයන හෙළිදරව්වේ පැමිණිල්ලේ තිබූ කරුණු මෙන්න
07:55
Video thumbnail
අඳුරුව පැවති කොළඹට අද අව් රශ්මිය වැටී ඇති අයුරු
01:02
Video thumbnail
විපක්ෂයේ පූ ඝෝෂාවලටනම් අපි යටත් නෑ..හොරු එක්ක එකතුවෙලා පච වපුරන්න එපා
03:48
Video thumbnail
මේක බැසිල්ගේ ඉඩම ඒකයි විපක්ෂය කළබලවෙන්න හේතුව..ඉසුරුපායට ගිය අන්තරේට වෙච්ච දේ
05:36