නිතර නිතර දුරකථනයේ රැඳී සිටි බිරිඳට යකඩ බටයකින් පහර දී ඝාතනය කරලා

දුරකථනයක් පිළිබදව ඇති වූ ආරවුලක් හේතුවෙන් සැමියා විසින් යකඩ බටයකින් පහර දී බිරිඳ ඝාතනය කළ පුවතක් කොස්වත්ත, කහටවිල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ඊයේ (23) රාත්‍රී 8.30ට පමණ මෙම ඝාතනය සිදුව ඇති අතර, මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එම්.ඩබ්ලිව්. නිශාන්ති අනුරාධි නැමැති 38 හැවිරිදි දෙදරු මවක්.

සිද්ධිය සම්බන්ධ සැකකාර ස්වාමිපුරුෂයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇති කාන්තාව විදෙස් රැකියාවක් සඳහා ගොස් මීට මාස දෙකකට පමණ පෙර මෙරටට පැමිණි තැනැත්තියක් බවයි අනාවරණය වී ඇත්තේ.

ඇය විදෙස් ගතව නිවසට පැමිණි දින සිට දුරකථනයෙන් කිසියම් අයෙකු සමඟ කතා බහ කරන බවක් සැමියාට හැඟී ගොස් තිබෙනවා.

ඒ, පිළිබඳව දෙදෙනා අතර අවස්ථා කිහිපයක දී ආරවුල් හටගෙන ඇති අතර, ඊයේ (23) රාත්‍රියේ ඇති වූ ආරවුල දුරදිග ගොස් සැමියා විසින් බිරිඳට යකඩ බටයකින් පහර දී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පහරකෑමෙන් තුවාල ලැබූ අදාළ කාන්තාව එම අවස්ථාවේදීම මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇති නමුත් ඇය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇති අතර, කොස්වත්ත පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08