spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නිතර නිතර දුරකථනයේ රැඳී සිටි බිරිඳට යකඩ බටයකින් පහර දී ඝාතනය කරලා

දුරකථනයක් පිළිබදව ඇති වූ ආරවුලක් හේතුවෙන් සැමියා විසින් යකඩ බටයකින් පහර දී බිරිඳ ඝාතනය කළ පුවතක් කොස්වත්ත, කහටවිල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ඊයේ (23) රාත්‍රී 8.30ට පමණ මෙම ඝාතනය සිදුව ඇති අතර, මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එම්.ඩබ්ලිව්. නිශාන්ති අනුරාධි නැමැති 38 හැවිරිදි දෙදරු මවක්.

සිද්ධිය සම්බන්ධ සැකකාර ස්වාමිපුරුෂයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇති කාන්තාව විදෙස් රැකියාවක් සඳහා ගොස් මීට මාස දෙකකට පමණ පෙර මෙරටට පැමිණි තැනැත්තියක් බවයි අනාවරණය වී ඇත්තේ.

ඇය විදෙස් ගතව නිවසට පැමිණි දින සිට දුරකථනයෙන් කිසියම් අයෙකු සමඟ කතා බහ කරන බවක් සැමියාට හැඟී ගොස් තිබෙනවා.

ඒ, පිළිබඳව දෙදෙනා අතර අවස්ථා කිහිපයක දී ආරවුල් හටගෙන ඇති අතර, ඊයේ (23) රාත්‍රියේ ඇති වූ ආරවුල දුරදිග ගොස් සැමියා විසින් බිරිඳට යකඩ බටයකින් පහර දී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පහරකෑමෙන් තුවාල ලැබූ අදාළ කාන්තාව එම අවස්ථාවේදීම මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇති නමුත් ඇය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇති අතර, කොස්වත්ත පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?