නැවත දැනුම්දෙන තුරු මහනුවර නගරයට එන්න එපා – දිස්ත්‍රික් ලේකම් (වීඩියෝ)

නැවත දැනුම්දෙන තුරු මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා මහජනාතවගෙන් ඉල්ලා සිටිනවා.

මීට ටික වේලාවකට පෙර පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ සිරි දළදා වන්දනාව වෙනුවෙන් මේ වන විටත් ලක්ෂ 3කට වඩා වැඩි සැහැදැවතුන් පිරිසක් මහනුවරට පැමිණ ඇති බැවින් අදාළ තීරණය ගත් බවයි.

අදාළ නිවේදනය නොසලකා හරිමින් කිසියම් අයෙකු මහනුවර නගරයට ඇතුල්වුවහොත් එය සෞඛ්‍ය හා සනීපාරක්ෂක කටයුතුවලට ද දැඩි අර්බුදයක් ඇති වීමේ අවදානමක් ඇති විය හැකි බව ද ඉන්දික උඩවත්ත මහතා කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?